ඔමික්‍රෝන් නොනැසී පවතින කාලය ගැන නව අනාවරණයක්

(ලංකාපුවත් | කොළඹ) – ඔමික්‍රෝන් ප්‍රභේදය පැය 21 ක් දක්වා කාලයක් සම මතුපිට නොනැසී පවතින බව ජපානයේ කියතෝ වෛද්‍ය විශ්වවිද්‍යාලයේ සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණය වෙයි.

ජපන් පර්යේෂකයන් විසින් කරන ලද එම අධ්‍යයනයෙන් ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ්-19 හි ඔමික්‍රෝන් ප්‍රභේදය ඇල්ෆා, බීටා, ඩෙල්ටා සහ ගැමා වැනි පෙර ප්‍රභේදවලට වඩා සම සහ ප්ලාස්ටික් මත ජීවමානව පැවතිය හැකි බවයි.

ඒ අනුව ඔමික්‍රෝන් ප්‍රභේදයට ප්ලාස්ටික් මතුපිටක දින 08කට වැඩි කාලයක් පැවතීමේ හැකියාව ඇති බවද ඔවුහු ප්‍රකාශ කරති.

චීනයේ වූහාන් හිදී මුල්වරට හඳුනා ගත් කොවිඩ් ප්‍රභේදයට ප්ලාස්ටික් මත පැය 56ක් රැඳි පවතින අතර ඔමික්‍රෝන් ප්‍රභේද පැය 193.5 ක කාලයක් රැඳී සිටිය හැකි බව ඔවුහු පවසති.

දෑත් සේදීමේ සෞඛ්‍ය පුරුද්ද නිරන්තරයෙන් අනුගමනය කිරීම සහ බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම වේගයෙන් ව්‍යාප්ත වන ඔමික්‍රෝන් ප්‍රභේදය ශරීරගත වීම වළක්වා ගැනීමට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය බවද ඔවුහු පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *