18 ට වැඩි අයට අවස්ථා 04 කදී ඡන්දය ලියාපදිංචි කිරීමට අවස්ථාව

(ලංකාපුවත් | කොළඹ) –ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම සදහා මෙතෙක් පැවති ජුලි පළමුවනදා දිනය මෙම වර්ෂයේ සිට සංශෝධනය කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මහතා පවසයි.

ඒ අනුව පෙබරවාරි පළමුවනදා සිට ඡන්ද හිමියන් ලියාපදිංචිය සිදු කරන බව ඒ මහතා සදහන් කළේය.

මේ යටතේ වූ යොවුන් පුරවැසියන් මාර්ගගත ක්‍රමයට ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි කරවීමේ ක්‍රමවේදය හදුන්වා දීමේ වැඩසටහනක් නුගේගොඩ දී පැවැත්වුණි. ඒ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

වයස අවුරුදු 18 ට වැඩි සියලූ පුරවැසියන් සඳහා අවස්ථා 04 කදී ඡන්ද හිමි නාම ලේඛණයට ඔවුන්ගේ නම් ඇතුළත් කිරීමට මෙම වසරේ සිට අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *