අද ප්‍රදේශ කිහිපයකට ජලය කැපේ

(කොළඹ, ලංකාපුවත්) –ජාඇළ මාර්ගයේ ජල නල පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක අද (09) ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව අද පස්වරු 4.00 සිට හෙට (10) පෙරවරු 6.00 දක්වා පැය 14ක කාලයක් එලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.

ඒකල, කොටුගොඩ, උදම්මිට, රජ මාවත, මීගමු පාර (තුඩැල්ල සිට 20 සැතපුම් කණුව දක්වා) වහටියාගම, දැලතුර, කටුනායක, සීදුව, උඩුගම්පොළ කොටසක්, මිනුවන්ගොඩ කොටසක්, කටුනායක ගුවන් හමුදා කඳවුර, කටුනායක නිදහස් වෙළෙඳ කලාපය සහ කටාන (දකුණ) යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *