ඩෙන්මාර්ක රැජිනට කොරෝනා

(කොළඹ, ලංකාපුවත්) – ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රට් රැජිනට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.

මේ හේතුවෙන් රැජිනගේ නොර්වේ සංචාරය ද අවලංගු කර ඇති අතර ඇය මේ වන විට සිය මාළිගය තුළ ස්වයං නිරෝධානයට යොමුව ඇති බව රාජකීය මන්දිරය බදාදා නිවේදනය කර තිබේ.

නොවැම්බර් මාසයේදී කොවිඩ් මර්දන එන්නතෙහි තුන්වන මාත්‍රාව ලබා ගත් 81 හැවිරිදි රැජින අඟහරුවාදා සවස සිදුකල කොවිඩ් පරීක්‍ෂාවකින් මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෞඛ්‍ය නිර්දේශ යටතේ කෝපන්හේගන් හි පිහිටි රැජිනගේ මාලිගාවේ හුදෙකලාවේ පසුවේ.

පසුගිය සතියේ සියලුම ගෘහස්ථ වෛරස් සීමාවන් ඉවත් කළද, ඩෙන්මාර්ක බලධාරීන් තවමත් රෝගීන් අවම වශයෙන් දින හතරක් නිරෝධායනය කිරීමට නිර්දේශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *