(කොළඹ, ලංකාපුවත්) – කඩුවෙල මහ නගර සභාව හා ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලය එක්ව සංවිධාන කල ” වාදීභ” අන්තර් පාසල් විවාද තරඟාවලියේ අනුශූරතාව දිනා ගැනීමට බත්තරමුල්ල ශ්‍රී සුදර්ශන විදුහල පසුගියදා සමත් විය.
එය එම පාසල මුහුණ දුන් ප්‍රථම විවාද තරඟාවලිය වේ.
එම විදුහල ප්‍රථම වටයේදී මුනිදාස කුමාරතුංග, දෙවන වටයේදී සෝමාදේවී, අවසන් පූර්ව වටයේදී විද්‍යාලෝක යන විදුහල් පරාජය කරමින් අපරාජිතව අවසන් වටයට පැමිණියේය. එම තරඟ වල ශ්‍රී සුදර්ශන විදුහලට තියුණු තරඟයක් ලබා දීමට සෝමාදේවී විදුහල සමත් විය.