ගොවීන් රජයට වී අලෙවි කිරීමේ වැඩි ප්‍රවණතාවක්

(කොළඹ, ලංකාපුවත්) – කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ කාබනික වගාවන් ප්‍රචලිත කිරීමේ අරමුණින් ගොවීන්ට හෙක්ටයාර 76,303ක භූමි ප්‍රමාණයක් මෙවර මහ කන්නයේදී ලබා දී ඇති අතර ඔවුන් එහි අස්වනු නෙලීම මේ වන විට ආරම්භ කර ඇත.

ගොවීන් 1,44480ක් අතර අදාළ වගා බිම් බෙදා දී ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස්වරයා සදහන් කළේය.

කෙසේ වෙතත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ 25%ක පමණ අස්වනු වල අඩුවක් දක්නට ලැබෙන නමුත් වැඩි වුණ වී මිල නිසා අදාළ පාඩුව පියවා ගැනීමට හැකිව ඇතැයි ගොවීන් පවසයි.

මෙවර මහ කන්නයේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ වගා කර ඇති සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 83,560කි. ඉන් හෙක්ටයාර 81,220කම වී අස්වනු මේ වන විට නෙලා අවසන්ය.

මේ අතර වැඩි වුණු වී මිල නිසා ගොවීන් රජයට වී අලෙවි කිරීම වැඩි වී ඇතැයි වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *