(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවට හා මාලදිවයිනට තුර්කි තානාපති වන ඩෙමේට් ශෙකිර්ජිඕලු මහත්මිය හා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අතර හමුවක් පසුගියදා සුහුරුපාය මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත්විණ.
මෙහිදී ශ්‍රී ලංකාව හා තුර්කිය අතර අතීතයේ සිට පැවතෙන වැදගත් සංස්කෘතික සබඳතා දෙරටේ මිත්‍රත්වය වර්ධනය කිරීමට හේතු වූ ආකාරය ගැන සාකච්ඡා විය.
තවද දෙරට අතර ආර්ථික දේශපාලන හා ආරක්ෂක සබඳතා වර්ධනය කරගැනීමට ඇති අවස්ථා සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණ.
තුර්කි රාජ්‍ය ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය උදෙසා ඉදිරියටත් සහාය දෙන බව තානාපතිනිය මෙහිදී සඳහන් කර සිටියේය.