(කොළඹ, ලංකාපුවත්) –සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වුවන් වෙනුවෙන් සංචාරක සංවර්ධන අධිකාරිය හදිසි අවස්ථා අරමුදලක් පිහිටුවීමට යයි. රට තුළ ඇතිවිය හැකි හදිසි ආපදා අවස්ථාවක දී සංචාරක ව්‍යාපාරය කිසියම් කඩා වැටීමකට ලක්වුවහොත් එම ක්ෂේත්‍ර යේ නිරත වන්නන්ට සහන සැලසීමේ අරමුණින් මෙම අරමුදල පිහිටුවීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
යෝජිත නව සංචාරක පණත යටතේ මෙම හදිසි අවස්ථා අරමුදල පිහිටුවීමට නියමිතයි. සංචාරක ක්ෂේත්‍රය සදහා යෝජිත සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලට සමගාමීව මෙම නව අරමුදල පිහිටුවිම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.
කොවිඩ් වසංගත කාලය තුළ මෙරට සංචාරක ක්ෂේත්‍රය නිරත වුවන් රැක ගැනීම සදහා රජය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ බව ද ඇමතිවරයා අවධාරණය කරයි. කොවිඩ් නිසා පීඩාවට පත් වු සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි මාර්ගෝපදේශකයන් සදහා රුපියල් 20,000 ක දීමනාවකුත්, පළාත් සභා මට්ටමින් ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන් සදහා රුපියල් 15,000 ක දීමනාවකුත් ලබාදිමට පියරව ගත් අතර ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන් 2,575 ක් සදහා මෙම දිමනාව මේ වන විට ගෙවා තිබේ. එලෙස ගෙවා ඇති මුදල රුපියල් මිලියන 48කට අධිකය. මීට අමතරව සංචාරකයන් මාර්ගෝපදේශකයන් ලියාපදිංචිය හා පුහුණු කිරිම සදහා සංචාරක හෝටල් කළමණාකරණ පුහුණු ආයතනය මගින් විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව ඇමතිවරයා කියයි. මේ වන විට සංචාරක මාර්ගෝපදේශකයන් 4,367 දෙනෙකු සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී තිබේ.
මේ අතර කොවිඩ් වසංගත තත්ත්වයත් සමග බිද වැටීමකට ලක්වු සංචාරක ක්ෂේත්‍රය මේ වන විට ක්‍රමානුකූල වර්ධනයකට ලක්වෙමින් තිබේ. මේ වසරේ පෙබරවාරි 19 වන දා දක්වා මේ වන විට ලංකාවට පැමිණි ඇති සංචාරකයන් සංඛ්‍යාව 150,000 කට ආසන්නයි. ජනවාරි මාසයේ දි මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 82,327 කි.
මේ මාසයේ ගෙවි ගිය දින 19 තුළ සංචාරකයන් 65,674 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ජනවාරි මාසයේ සහ පෙබරවාරි මාසයේ ගෙවි ගිය දින 19 තුළ වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ රුසියානු සමූහාණ්ඩුවෙනි. සංචාරකයන් 23,264 දෙනෙකු රුසියානු සමූහාණ්ඩුවෙන් මේ වසරේ දී ශ්‍රි ලංකාවට පැමිණ ඇති අතර ඉන්දියාවෙන් 19,593 දෙනෙකු පැමිණ තිබේ. ඇමතිවරයා පෙන්වා දෙන්නේ මේ වසර තුළ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්වේවි යැයි ඒ අනුව විශ්වාසය පළ කළ හැකි බවයි.