(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජනට කොවිඩ් වයිරසය වැලැදී ඇති බව බකිංහැම් මාලිගය ඊයේ (20) සවස නිවේදනය කළේය.
මහරැජණට මද ශීත ගතියක් සහිත රෝග ලක්ෂණ මතුව ඇති බවත් ඉදිරි සතිවලදී වින්ඩ්සර් මාලිගයේ සිට සැහැල්ලු රාජකාරීවල නිරත වනු ඇති බවටත් බකිංහැම් මාලිගාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
එසේම වෛද්‍යවරුන්ගේ අවධානය සහ වෛද්‍ය මාර්ගෝපදේශ අනුව ඇය කටයුතු කරමින් සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්ය.
පසුගිය සතියේ කොවිඩ් වයිරසයට ගොදුරු වූ ඇගේ වැඩිමහලු පුත් චාල්ස් කුමාරුගෙන් මහරැජනට වයිරසය වැලැඳෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.