(කොළඹ, ලංකාපුවත්) –මෙරට බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ඉලක්ක ගත කණ්ඩායමෙන් සියයට 70 – 80ත් ඉක්මවූ පසු පමණක් දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ යම් ප්‍රමාණයකට ලිහිල් කිරීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
කෙසේ වෙතත් දැනට පවතින තත්වය යටතේ ජනතාව මුව ආවරණ ඉවත් නොකළ යුතු බව ඔහු අවධාරණය කර සිටියි.
මුව ආවරණ ඉවත් කළ හැකි බවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කිසිදු ප්‍රකාශයක් සිදුකර නැති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.