හොංකොං වැසියන්ට පීසීආර් පරීක්ෂණයක් අනිවාර්ය කරයි

(කොළඹ, ලංකාපුවත්) – සියලු පුරවැසියන් පීසීආර් පරීක්ෂණයකට පෙනී සිටීම අනිවාර්ය බව හොංකොං රජය සදහන් කරයි.

මිලියන 7.5ක් වන එරට පුරවැසියන්ට කොරෝනා පරීක්ෂණය සිදු කර ගැනීම අනිවාර්ය බව එරට ප්‍රධාන විධායක නිලධාරී කැරී ලෑම්ප් ඊයේ නිවේදනය කළා.

පරීක්ෂණ මාර්තු මැද භාගයේ සිට ආරම්භ කිරීමට නියමිතය. සියලු පුරවැසියන් පරීක්ෂණ තුනකට පෙනී සිටිය යුතුවේ. දැනටමත් හොංකොංහි ඔමික්‍රෝන් ප්‍රභේදය වේගයෙන් පැතිර යයි. එය මැඩපැවැත්වීම මෙහි අරමුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශීඝ්‍රයෙන් පැතිර යන වසංගත තත්වය හේතුවෙන් රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් අවම වනු ඇති බවට විශ්වාස කෙරේ.

ගතවූ පැය 24 තුළ එරටින් ආසාදිතයන් 6,211ක් හඳුනා ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *