යුක්රේනය හදිසි තත්වයක් පනවයි

(කොළඹ, ලංකාපුවත්) –යුක්රේනය තුළ යුද බිය ඉහළ යාමත් සමඟ රටපුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි.

එරට ජාතික ආරක්ෂක කවුන්සිලය මේ බව තීරණය කර ඇත.

ආරක්ෂක කවුන්සිලය රැස්වීමෙන් පසු, එරට ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරියෙකු වන ඔලෙක්සි ඩැනිලොව් ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ සඳහන් කළේ පළමුව දින 30ක කාලයක් සඳහා යුක්රේනය තුල හදිසි නීතිය පනවන බවයි.

කෙසේ වෙතත් එය බලාත්මක වීමට නම් යුක්ක්‍රේන පාර්ලිමේන්තුව විසින් එය අනුමත කළ යුතුවේ.

ඒ අනුව රුසියානු ආක්‍රමණයක තර්ජනයට ප්‍රතිචාර වශයෙන් යුක්රේන පාර්ලිමේන්තුව ජාතික හදිසි තත්ත්වයක් අනුමත කිරීමට ඡන්දය දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *