ඉදිරි පැය 24 තම රටට ඉතාමත් තීරණාත්මක බව යුක්රේන ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි පැය 24 තම රටට ඉතාමත් තීරණාත්මක බව යුක්රේන ජනාධිපති සෙලන්කි සදහන් කරයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සමග පැවති දුරකතන සංවාදයක් අතරතුරදී යුක්රේන ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත.

යුක්රේනයේ නගර රැසක් ඉලක්ක කරගනිමින් සිදු කෙරෙන රුසියා මිසයිල ප්‍රහාර දැඩි කිරීමට රුසියා හමුදාව පියවර ගෙන තිබේ. ඊයේ එල්ල වූ ප්‍රහාරවලින් යුක්රේන හමුදාවට දැඩි බලපෑම් සිදු වූ බව යුක්රේන හමුදා ප්‍රකාශකවරයෙකු සදහන් කර තිබේ.

මේ අතර රුසියාවට එරෙහි සම්බාධක දැඩි කිරීමත් සමග රුසියාවේ මුදල් ඒකකය වන රූබල් සියයට තිහකින් පමණ පහත වැටී ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

යුක්රේන රුසියා යුද ගැටුම් සම්බන්ධයෙන් ජගත් සංවිධානයේ විශේෂ මහා මණ්ඩල සැසිවාරයක්ද අද පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *