ඖෂධ මිල තීරණය හිතුමතේ බැහැ

(කොළඹ, ලංකාපුවත්) – ඖෂධ ව්‍යාපාරිකයන්ට හිතුමතේ මිල වෙනස් කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාව තුළ ඖෂධ මිල පාලනය කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ‘මිල පාලන කමිටුව‘ මගිනි. එහි කිසිදු වෙනසක් සිදුව නොමැත.

එම කමිටුව ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන විද්වතුන් 13දෙනෙකුගෙන් සමන්විත බව අමාත්‍යංශය සදහන් කරයි.

ඖෂධ මිල පාලන කමිටුවේ සභාපතිත්වය දරන්නේ කීර්තිමත් වෛද්‍ය විශේෂඥයෙක්වන පාලිත අබේකෝන් මහතාය.

පසුගිය දින දෙකේ ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ සිදු වූ වෙනසට අනුපාතිකව ඖෂධ මිල වැඩි කිරීමට සිදුවන ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *