(කොළඹ, ලංකාපුවත්) – මෙරටින් නිකුත් කරනු ලබන සියලුම ගුවන් ටිකට් පත්වල මිල ගණන් අද(11) සිට ක්රියාත්මක වන පරිදි සියයට 27 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ මෙරට විනිමය අනුපාතිකය ඉහළ යාමත් සමඟ මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව අද සිට ක්රියාත්මක වන පරිදි මෙරටින් නිකුත් කරනු ලබන සෑම ගුවන් ප්රවේශපත්රයකම ගාස්තු සියයට 27කින් ඉහළ යනු ඇත.