(කොළඹ, ලංකාපුවත්) – ගෑස් බෙදාහැරීම ඇරඹුණු බවත් ගෘහස්ත ගෑස් සඳහා ගෙවීම් සිදුකිරීම පිළිබඳව ඇතිව තිබූ ගැටළු මේ වනවිට නිරාකරණය කර ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා සදහන් කරයි.
ඒ අනුව ගෑස් මෙට්‍රික් ටොන් 7,000 ක් අඩංගු නෞකා දෙකකින් ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කළ බව ලිට්‍රෝ සමාගම පවසයි.
සභාපතිවරයා කියා සිටියේ ඊයේ(10) රාත්‍රී සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව ණයවර ලිපි විවෘත කිරීම සම්බන්ධයෙන් පැවති ගැටළු නිරාකාරණය කිරීමට හැකි වූ බවයි.
ඒ අනුව ඊයේ රාත්‍රියේ සිට කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් ගබඩා පර්යන්තයෙන් ගෑස් බෙදාහැරීම ආරම්භ කර තිබේ.