2021 ලෝක රූ රැජින කිරුළ පෝලන්තයේ කැරොලිනාට

(කොළඹ, ලංකාපුවත්) – 2021 වසරේ ලෝක රූ රැජින අවසන් මහා තරඟයෙන් ජයග්‍රහණය කිරීමට පෝලන්තයේ විසි තුන් හැවිරිදි කැරොලිනා බෙලවස්කි (Karolina Bielawska) සමත් වෙයි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කල් දමා තිබූ පසුගිය වසරේ ලෝක රූ රැජිණ තරඟය මෙවර පැවැත්වුණේ, දකුණු ඇමරිකාවේ පෝටරීකෝ හි සැන් ජුවාන් හිදීය.

එහි දෙවන ස්ථානය හිමිවුණේ, ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානු ජාතික ශ්‍රී ෂයිනිටය. තෙවන ස්ථානය අයිවරි කෝස්ට් රාජ්‍යයේ ඔලිවියා යේස්ට හිමි විය.

මෙම තරඟය කොටස් දෙකකින් පැවැත්වුනි. එහි එකක් දෙසැම්බර් මාසයේදී පවත්වන ලදි. රටවල් 90 කට අධික සංඛ්‍යාවක රූමතියන් මෙවර කිරුළ සඳහා තරඟ කළහ.

මෙවර ලෝක රූ රැජින කිරුළ හිමිකර ගත් කැරොලිනා දැනට කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටි. ඇය නිරූපිකාවක් ලෙස ද කටයුතු කරයි. ඇය‍ගේ බලාපොරොත්තුව වන්නේ අභිප්‍රේරණ කථිකයෙකු වීමටය. ස්වේච්ඡා සේවා වැඩ කෙරෙහි ද ඇය දැඩි ආශාවක් දක්වන බව සදහන් වේ.

තරඟය සඳහා ගෞරවනීය ජූරි මණ්ඩලයට 1986 ලෝක රූ රැජින ගිසෙල් ලැරොන්ඩේ ඇතුළත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *