අද උදෑසන ඇඳිරිනීතිය ඉවත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ අවට පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි පොලිස්පතිවරයා විසින් පැනවූ ඇඳිරි නීතිය අද(01) අලුයම 5.00ට ඉවත් කළ බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

කොළඹ උතුර, කොළඹ දකුණ, මැද කොළඹ, නුගේගොඩ ගල්කිස්ස සහ කැලණිය යන පොලිස් බල ප්‍රදේශවලට ඊයේ රාත්‍රී සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පනවනු ලැබීය.

ජනාධිපතිවරයාගේ නිවසට පිවිසෙන මිරිහාන – පැගිරිවත්ත පාර අවහිර කරමින් ඊයේ පස්වරුවේ විරෝධතාව පැවැත්වු අතර එහිදී ඇතිවූ නොසන්සුන්තාව හමුවේ මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *