(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ අංශය ජාතික ලොජිස්ටික් සම්මාන උළෙලේ දී ගුවන් සේවා කාණ්ඩය යටතේ ‘රන්’සම්මානයෙන් පසුගියදා පිඳුම් ලැබීය. වසංගත කාලසීමාව තුළ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා හරහා මෙරට ආර්ථිකයට කරන ලද විශිෂ්ට දායකත්වය වෙනුවෙන් ‘ Recognition’සම්මානය ද ශ්‍රී ලංකන් ගුවන් භාණ්ඩ අංශය දිනාගත්තේය.
ජාතික ලොජිස්ටික් සම්මාන උළෙල ශ්‍රී ලංකා ලොජිස්ටික් සහ භාණ්ඩ ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය විසින් සංවිධාන කරන ලද අතර භාණ්ඩ ප්‍රවාහනය, නැව්ගත කිරීම සහ කුරියර් සමාගම් සහ අනෙකුත් ගුවන් සමාගම්වල සහභාගිවන්නන් 500 කට අධික පිරිසක් ඒ සඳහා සහභාගී වූහ.
COVID-19 ආරම්භයෙන් පසුගතවූ දෙවසර තුළ ශ්‍රී ලංකන් ගුවන් භාණ්ඩ අංශය ප්‍රජාවට නව්‍ය විසඳුම් සැපයීමට සහ උපාය මාර්ගිකව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලදී. ඵලදායී ලෙස, මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකන් ගුවන් භාණ්ඩ අංශය වෙළඳපොලේ හිඩැස්පිය වීමටත්, ශ්‍රී ලංකාව සහ ලෝකයේ සෙසු රටවල් අතර අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් ඇතුළු භාණ්ඩ ගුවන් ප්‍රවාහනය තහවුරු කිරීමටත් සමත්විය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකාවෙන් සිදුකරන මුළු අපනයනවලින් සියයට 31කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුකිරීමට සහය ලබාදෙන අතර, ගුවන් සමාගමේ ධාරිතාවයෙන් සියයට 56ක් කොළඹ මූලික කරගනිමින් ගුවන් භාණ්ඩ මෙහෙයුම් සිදුකරයි.
දිනාගත්මෙම සම්මාන ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයට සහ ආර්ථිකයට ශ්‍රී ලංකන් ගුවන් භාණ්ඩ අංශයේ විශිෂ්ටදායකත්වය පිළිබඳ සාක්ෂියකි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ව්‍යාපාරය නව්‍යකරණයේ මාවතේ අඛණ්ඩව ඉදිරියට යමින් එහි ගෞරවනීය ලොජිස්ටික් හවුල්කරුවන්ට සහ ගනුදෙනුකරුවන්ට වටිනාකමක් ඇතිකරමින් තවදුරටත් ප්‍රගතියක් ලබාගැනීමට බලාපොරොත්තුවේ.