අභියෝග රැසක් හමුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශුද්ධ ලාභයක් උපයයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම්කිසි පසුබෑමට ලක්ව තිබුණ ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය මූල්‍ය වර්ෂයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 1.7ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ. ඒ අනුව එම සමාගම පසුගිය 2006 වසරෙන් පසු පළමු ලාභදායී සිව්වන කාර්තුව වාර්තා කර ඇති අතර ‘කොවිඩ්’ වසංගතය හමුවේ මේ ලාභය ලැබීම අභියෝගයක් බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.

2021-22 මූල්‍ය වර්ෂයේ දී කාර්ය මණ්ඩල වියදම් සහ පොදු කාර්ය වියදම් අඩු කිරීම ඇතුළු විවිධ ක්‍රියාමාර්ග හරහා මේ මූල්‍ය පෙරළිය අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හැකි වී තිබෙන අතර ඒ හැරුණු විට සැපයුම්කරුවන්ගේ ගිවිසුම් නැවත සාකච්ඡා කිරීම, ගුවන් භාණ්ඩ ආදායම වැඩිකර ගැනීම සහ සංචාරක ඉල්ලුම වැඩිකර ගැනීමත් මේ වර්ධනය ඇතිකර ගැනීම සඳහා හේතුවී තිබෙන බව පෙන්වා දෙයි. 2020 වසරේ දෙසැම්බර් මාසයේ ඇරඹි කොවිඩ්-19 වසංගතයෙන් පසු ගමනාගමනය නැවත යතාවත් වීම නිසා ගුවන් සමාගම පසුගිය මාස 4 තුළ පමණක් ඩොලර් මිලියන 12 කට වැඩි ලාභයක් ලබාගෙන ඇති අතර මීට අමතරව කත්මන්දු, සෝල්, මොස්කව් සහ පැරිස් යන ගමනාන්ත වෙත නව ගුවන් ගමන් ආරම්භ කිරීමත් මේ ප්‍රගතියට හේතුවී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *