නව ඉන්දීය සහකාර ආරක්‍ෂක උපදේශක – ආරක්‍ෂක ලේකම් හමුවක්

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි මහතා සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා අතර හමුවක් සිදු විය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේහි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ඊයේ (දෙසැ.20) හමුව සිදුවිය.

ජෙනරල් ගුණරත්න මහතා විසින් ඉන්දීය සහකාර ආරක්‍ෂක උපදේශකවරයා උණුසුම් ලෙස පිළිගත් අතර, සුහද සාකච්ඡාවක් ද පැවැත්වීය. මෙම අවස්ථාවේදී ආරක්‍ෂක ලේකම්වරයා විසින් ලුතිනන් කර්නල් නේගිගේ නව පත්වීම පිළිබඳව සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය විසින් සමරු තිළිණ හුවමාරු කර ගනු ලැබූ අතර, මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර මහතා ද සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *