කොදෙව් කාන්තා ක්‍රිකට් පිල ලබන මස ශ්‍රී ලංකාවට

(කොළඹ | ලංකාපුවත්) – සීමිත ඕවර තරගාවලි ද්විත්වයකට එක්වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිල ලබන මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වීමට නියමිතය.

මෙහිදී ශ්‍රී ලංකා කාන්තා පිල සමඟින් ඔවුන් තරග 3කින් සමන්විත එක්දින තරගාවලියකට සහ විස්සයි20 තරගාවලියකට ක්‍රීඩා කිරීමට නියමිතය.

එක්දින තරගාවලිය ජුනි මස 15, 18 සහ 21 දිනවල ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත්, විස්සයි20 තරගාවලිය 24, 26 සහ 28 දිනවල හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.

2015 මැයි මස එක්දින සහ විස්සයි20 තරගාවලි ද්විත්වයකට පැමිණි අතර, එහිදී එක්දින තරගාවලිය 3-1ක් ලෙසත් විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙසත් ජය ගැනීමට කොදෙව් කාන්තාවෝ සමත් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *