යුරෝපා සංගමය තුළ LTTEය තවදුරටත් තහනම්

(කොළඹ | ලංකාපුවත්) – යුරෝපා සංගමය තුළ එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

ජුලි 26 වැනිදා සිට ඉදිරි මාස 06ක කාලයක් සඳහා එම තහනම ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

යුරෝපා සංගමයේ පොදු ස්ථාවරය යටතේ තහනම් පුද්ගලයින්, කණ්ඩායම් සහ ආයතන ලැයිස්තුව යාවත්කාලීව කරමින් එල්ටීටීඊ යට පනවා ඇති තහනම මෙලෙස දීර්ඝ කර තිබේ. ඒ අනුව තහනම් කරන ලද පුද්ගලයින්, කණ්ඩායම් සහ ආයතන යුරෝපා සංගමයේ සාමාජික රටවල එහි අරමුදල් සහ අනෙකුත් මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් රැස් කිරීම තහනම් වනු ඇත.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *