මෙරට පළමු “පාසල් කෘත්‍රීම බුද්ධි ශිෂ්‍ය සමාජය” නුවරඑළිය ශාන්ත සේවියර් විද්‍යාලයෙන්

(කොළඹ | ලංකාපුවත්) –  ලංකාවේ පළමු “පාසල් කෘත්‍රීම බුද්ධි ශිෂ්‍ය සමාජය” පසුගියදා නුවරඑළිය ශාන්ත සේවියර් විද්‍යාලයෙන් ආරම්භ විය. ඒ ලංකාවේ රාජ්‍ය සේවයට හා මාධ්‍යට AI හෙවත් “Artificial Intelligence” තාක්ෂණය ප්‍රායෝගිකව ඒකතුකල, ශ්‍රී ලංකා රූපවාහිනී
සංස්ථාවේ ප්‍රවෘත්ති නිෂ්පාදකවරයෙකුවන සම්මානිත නිෂ්පාදක මාධ්‍යවේදී ගාමිණි බණ්ඩාර මැණික්දිවෙල මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒ අනුව හදුන්වාදෙන “Student’s Basic Artificial Intelligence Course” “ශිෂ්‍ය කෘත්‍රීම බුද්ධි මූලික පාඨමාලාව” දවස පුරා පාසලේදි පැවැත්වුණි.

පාඨමාලාව 100% නොමිලේ ස්වෙච්චාවෙන් ඉදිරිපත්ව සිදු කිරිමට මැණික්දිවෙල මහතා පියවර ගෙන තිබුණි. වැඩසටහන අවසානායේ ජත්‍යන්තර වශයෙන් වටිනා, භාෂා ත්‍රිත්වයෙන් සම්පාදිත සහතික පත්‍රයක්ද දරුවන් වෙත පිරිනමනු ලැබීය.

ලංකාවේ පැරණිතම පාසල් අතරින් ඒකක් ලෙසත්, ලංකාවේ පැරණිතම මිශ්‍ර ජන පාසල ලෙසත්, භාෂා ත්‍රිත්වයකින් කටයුතු කරන පැරණි පාසලක් ලෙසත් පාසලට වසර 165 පිරිම නිමිතිකරගෙන “Student’s Basic Artificial Intelligence Course” පාඨමාලාව නුවරඑළිය ශාන්ත සේවියර් විද්‍යාලයට ලබාදෙන ලෙස එහි ආදිශිෂ්‍යයෙකුවන ව්‍යාපාරික සුරේන් ස්වාමිනාදන් මහතා කල ඉල්ලීමකට අනුව වැඩසටහන පැවැත්විය.

වැඩසටහන සදහා විද්‍යලයේ ආදිශිෂ්‍ය සංවිධානයේ ලේකම් මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තෝමස් බෙංජමින් ජෙගනාදන් මහතා ඇතුලු පිරිසක් මහත් කැපවීමකින් අනුග්‍රාහක සහ සංවිධාන ශක්තියෙන් දායකවිය.

අනාගත පරපුර නවින දැනුමෙන් සහ තාක්ෂනයෙන් සන්නද කිරිමේ අරමුනින් ඇරඹි කෘත්‍රීම බුද්ධිය පිළිබද රාජ්‍ය අවදානය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙරට සංවර්ධන ක්‍රියාවලියට ප්‍රථම වතාවට හදුන්වා දෙනු ලැබීය.

අනතුරුව ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයට “Artificial Intelligence”තාක්ෂණය භාවිතා කර ප්‍රථමවතාවට සිංහල, දෙමල, ඉංග්‍රීසි මාධයෙන් ප්‍රවෘත්ති නිෂ්පාදනය කළ ගාමිණී බණ්ඩාර මැණික්දිවෙල මහතා , 2024.5.31 වන දින ජනාදිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති සාකච්ඡාවේ දී “Artificial Intelligence” විෂයක් ලෙස සංවර්ධනය කිරිමට හා පාසල් දරුවන්වෙත ගෙනයාම සදහ යෝජනා තුනක් ඉදිරිපත්කරනු කරනු ලැබීය.

ඉන් පළමුවැන්න වුයේ පාසල් තුල “Artificial Intelligence” ශිෂ්‍ය සමාජ පිහිටුවන ලෙසයි. දෙවැන්න වුයේ තවමත් විෂයක් ලෙස “Artificial Intelligence” ලංකාවේ අධ්‍යපන ආයතනවල ඉගැන්වීම් කටයුතු ආරම්භ වී නොමැති බැවින් පාසල් විෂය නිර්දේශයට සුදුසු කොටස් තෝරාගෙන ඉගැන්වීම් කටයුතු සදහා 7000ත් 10,000 අතර ගුරුවරුන් ප්‍රමාණයක් “Artificial Intelligence” පුහුණුව සදහ බදවාගත යුතු බවයි. තුන්වැන්න වුයේ එය තාක්ෂණික විෂයක් ලෙස වෙන් නොකොට පොදු සංවර්ධන විෂයක් ලෙස විශ්ව විද්‍යයාල සහ පාසල්වල ඉගැන්විය යුතු බවයි. එමගින් ලක්ෂ 40 පමණ වු පාසල් දරුවන්ගෙන් ලක්ෂ 10 ක් AI ටුල් නිෂ්පාදනයට යොමුවුව හොත් ඉන් ලැබෙන විදේශ විනිමය ආර්ථික ප්‍රතිලාභ අතිමහත් බවයි.

අධ්‍යපන විෂය තුල මෙතෙක් නොවිසදී ඇති ගැටලුවක්ව පවතින ලිංගික අධ්‍යපනය සදහා “Artificial Intelligence” මගින් නිර්මාණය කරන “Awata” කෙනෙකු සෑම පාසලකටම ලබාදිමෙන් පාසල් දරුවන්ට පුද්ගලිකත්වය ආරක්ෂාවන අයුරින් තමන්ට ඇති ලිංගික ගැටලු කිසිදු සබකෝලයකින් තොරව “Awata” සමග ප්‍රශ්න කරමින් ඉගෙනගත හැකි බව එහි ගාමිණි බණ්ඩාර මැණික්දිවෙල මහතා ජනාධිපතිවරයාට යෝජනා කළේය.

අදාල යෝජනාවන්ට ප්‍රතිචාර දක්වමින් 2024.8.24 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “Artificial Intelligence”පාසල් කමිටු (කෘත්‍රීම බුද්ධි පාසල් කව) පිහිටුවීම සදහා වු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිකරගෙන තිබේ.

2024.09.03 වන දින පාසල් ආශ්‍රිත “Artificial Intelligence” විෂය ඉගැන්වීම සදහා ගුරුවරුන් 7500ක් පුහුණු කිරිම සදහා වු ජනාධිපතිතුමන්ගේ යෝජනාවටද කැබිනට් අනුමැතිය හිමිකරගෙන ඇත.

මෙවැනි වටපිටාවක් තුල ලංකාවේ පළමු “AI පාසල් කෘත්‍රීම බුද්ධි ශිෂ්‍ය සමාජය” පිහිටුවීම සහ “Student’s Basic Artificial Intelligence Course” හදුන්වා දිමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව කටයුතුකල ගාමිණි බණ්ඩාර මැණික්දිවෙල මහතාට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ව්‍යපාරිකයන් විද්වතුන් ,බුද්ධිමතුන් හා පසල් ආදිශිෂ්‍ය, ගුරුදෙගුරුන් සිය ස්තුතිය පුදකල අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ අනිකුත් පාසල් සදහාද මෙම පාඨමාලාව ලබාදිමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ ඕනෑම පාසලක් සදහා මෙම පාඨමාලාව නොමිලේ ලබාගැණිමට +94777693627 අංකයට ඇමතිය හැකිය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *