ගෝඨාභය රාජපක්ෂ නේපාලයට යයි

(කොළඹ | ලංකාපුවත්) –  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නේපාලයට ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඊයේ (23) ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ඔහු ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවය.

මෙම සංචාරයේදී එරට පිහිටා ඇති බෞද්ධ ආගමික සිද්ධස්ථාන වැඳපුදාගැනීමට හිටපු ජනාධිපතිවරයා සැලැසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙම සංචාරය සඳහා නේපාලයේ සිටින චෞද්‍රි සමූහ ව්‍යාපාරය විසින් ආරාධනාවක් සිදු කර ඇති බව ද සඳහන්ය.

ඔවුන් සමඟ ගෝඨාභය රාජපක්ෂ මහතා සමීප සබඳතා පවත්වන අතර ඔහු ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල ආයෝජනය කර ඇති බවට, අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මෙම සංචාරය දේශපාලනික නොවන බවත් හුදෙක්ම පෞද්ගලික ගමනක් බවත් myRepublica පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය සතියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබුණේ, ආගමික වතාවත් සඳහාය.

එහි දිගුවක් ලෙස ඔහු මේ වනවිට නේපාලය වෙත ගොස් ඇති බව වැඩිදුරටත් සඳහන්ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *