Clean Sri Lanka ගැන පාර්ලිමේන්තු විවාදයක්

(කොළඹ | ලංකාපුවත්) –  මේ වන විට දිවයින පුර ක්‍රියාත්මක Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කරයි.

ඒ අනුව ලබන 21 සහ 22 යන දෙදින තුළ එම විවාදය පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ Clean Sri Lanka වැඩසටහන පිළිබඳ ඇතිව තිබෙන සංවාදය හේතුවෙන් ජනතාවට ඒ ගැන අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම විවාදය පැවැත්වෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *