(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරය හරහා ශ්‍රී ලංකාව සමඟ පවතින සාම්ප්‍රදායික මිතුදම ඉදිරියට ගෙන යාමට චීනය සූදානම් බව එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ගුඕ ජියාකුන් පවසයි.
ඔහු මේ බව පැවසුවේ ඉකුත් ජනවාරි 10වැනිදා චීනයේ බෙයිජිං අගනුවර පැවති මාධ්‍ය හමුවකදීය.
චීන ජනපති ෂී ජින්පිං මහතා ගේ ආරාධනාවක් මත ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, ජනවාරි 14වැනිදා සිට 17වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරතවීමට නියමිතය.
මෙම සංචාරය මගින් ශ්‍රී ලංකාව සමග සාම්ප්‍රදායික මිතුදම හා දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කරමින් ඉහල ගුණාත්මකභාවයෙන් යුතුව, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පොදුවේ සංවර්ධනය කිරීම ඉදිරියට ගෙන යාමටත්, විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීමටත් චීනය අදහස් කර සිටී.