නව නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 03 ක් වෙනුවෙන් පත් කෙරුණු නව අමාත්‍යවරු අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

"නව නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි"

ශ්‍රී ලංකාවට එල්ල වූ ආපදා බලපෑම ගැන එක්සත් ජාතීන්ගේ අවදානය

(කොළඹ, ලංකාපුවත්) – මෝරා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට එල්ල වූ බලපෑම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතාගේ දැඩි අවදානය යොමුව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කර ඇත.

"ශ්‍රී ලංකාවට එල්ල වූ ආපදා බලපෑම ගැන එක්සත් ජාතීන්ගේ අවදානය"

ආපදාවලින් පාසල් සිසුන් 44ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් සිසුන් 44 දෙනෙකු ඇතුළු 202ක් මිය ගොස් ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

"ආපදාවලින් පාසල් සිසුන් 44ක් මරුට"

මෝරා, බංග්ලාදේශයත් අසරණ කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාවට දැඩි ලෙස බලපෑම් එල්ල කළ මෝරා සුළි කුණාටුව හේතුවෙන් බංග්ලාදේශයේ ජන ජීවිතයට ද දැඩි බලපෑමක් එල්ල වී ඇත.

"මෝරා, බංග්ලාදේශයත් අසරණ කරයි"

අද සිට කාලගුණයේ වෙනසක්

(කොළඹ, ලංකාපුවත්) – තද වැසි සහ තද සුළං ඇතිවීමේ හැකියාව අද (31) සිට අඩුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

"අද සිට කාලගුණයේ වෙනසක්"

බැග්ඩෑඩ් ද්විත්ව බෝම්බ ප්‍රහාරයෙන් 27ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරදී එල්ල වූ ද්විත්ව කාර් බෝම්බ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

"බැග්ඩෑඩ් ද්විත්ව බෝම්බ ප්‍රහාරයෙන් 27ක් මරුට"

ආපදා සහන සේවා සාර්ථකව ක්‍රියාත්මකයි – ඇමති සාගල

(කොළඹ, ලංකාපුවත්) – අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය තුළ සහන සේවා කටයුතු නිසි ලෙස කළමනාකරණය කරමින් විශාල මෙහෙවරක් සිදු කිරීමට හැකි වූ බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

"ආපදා සහන සේවා සාර්ථකව ක්‍රියාත්මකයි – ඇමති සාගල"

පළමු ශ්‍රේණිය සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය හෙට නිකුත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – 2018 වසර සඳහා පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමට අදාළ චක්‍රලේඛය හා අයදුම්පත්‍රය මාධ්‍ය හරහා හෙට (01) නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

"පළමු ශ්‍රේණිය සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය හෙට නිකුත් කෙරේ"

ශ්‍රී ලාංකිකයන් ක්‍රියාකළ ආකාරය ගැන හිටපු ජනපතිනියගෙන් නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ සිදු වූ අයහපත් කාලගුණ තත්වය හමුවේ සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාව සියලූ වෙනස්කම් පසෙකලා එක්සත්ව එකිනෙකාට සුවිශේෂි ලෙස සහය වීම අතිශයින් අගය කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

"ශ්‍රී ලාංකිකයන් ක්‍රියාකළ ආකාරය ගැන හිටපු ජනපතිනියගෙන් නිවේදනයක්"