(කොළඹ | ලංකාපුවත්) – ජාත්‍යන්තරය ජයගත් සුපිරි ශ්‍රී ලාංකීය ගී තරුව යොහානි සහ තාරුණ්‍යයේ නැගී එන ගායන ශිල්පිනී අශන්‍යා ප්‍රේමදාස දෙපළ ප්‍රීමා කොත්තුමී සන්නාමයේ සන්නාම තානාපතිනියන් ලෙස තවදුරටත් කටයුතු කරන බව පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදී.
"ප්‍රීමා කොත්තුමී හොට් ඇන්ඩ් ස්පයිසි සන්නාමය ප්‍රවර්ධනයට ජාත්‍යන්තරය ජයගත් සුපිරි ශ්‍රී ලාංකීය ගායන තරු එක්වෙති"Author: chanaka
(කොළඹ | ලංකාපුවත්) – තුන්වන ගෝලීය කෘත්‍රිම බුද්ධි සමුළුව සැප්තැම්බර් 10 සිට 12 දක්වා සෞදි අරාබියේ රියාද් නුවරදී හෙට ආරම්භ වීමට නියමිතය. අබ්දුල් අසීස් රජු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන මෙම උත්සවය සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු සහ අග්‍රාමාත්‍ය මුහම්මද් බින් සල්මාන් බින් අබ්දුල් අසීස් අල් සෞද්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර ඇත. ඔහු සෞදි දත්ත සහ කෘතිම බුද්ධි අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.
"සෞදි අරාබියේදී ගෝලීය කෘත්‍රිම බුද්ධි සම්මන්ත්‍රණයක්"(කොළඹ | ලංකාපුවත්) – වසර දෙසීයකට ආසන්න කාලයක් මේ රටේ ජාතික ආර්ථික පෝෂණයට දැවැන්ත දායකත්වයක් දුන් ඉන්දීය සම්භවයක් සහිත වතු කම්කරු ජනතාවගේ පද්‍ය සාහිත්‍ය සිංහල සහ ඉංග්‍රීසි පාඨකයන්ට සමීප කරවීම අරමුණු කරගනිමින්, PEN International හි සහයෝගීතාවය ඇතිව PEN Sri Lanka සංවිධානය ප්‍රකාශයට පත් කරන මලෛග කාව්‍ය සරණිය ” කහට සුවඳ කවි” (Tea Stained Lines) කවි පොත එළිදැක්වීම 2024 සැප්තැම්බර් 11 දින පස්වරු 2.30 කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත් වේ.
"කහට සුවඳ බලන්න සැප්තැම්බර් 11 ඔබත් එන්න"(කොළඹ | ලංකාපුවත්) – වැලිසර පිහිටි International School of Western Australia (ISWA) ලෝකයේ වඩාත් පිළිගත් විෂය නිර්දේශ අතරින් එකක් වන ඕස්ට්‍රේලියානු විෂය නිර්දේශය යටතේ අධ්‍යාපනය හැදෑරීමට සිසුන්ට අවකාශ සළසන මෙරට පිහිටි ඉතා සීමිත අධ්‍යාපන ආයතන අතරින් එකකි. බටහිර ඕස්ට්‍රේලියානු රජයේ පූර්ණ ලියාපදිංචිය ඇති එම ආයතනයේ දැනුමින් පිරි ආචාර්ය මණ්ඩලයක් යටතේ අධ්‍යාපනය හැදෑරීමට සිසුන්ට අවස්ථාව ලැබේ.
"ISWA වෙතින් ඕස්ට්‍රේලියානු විෂය නිර්දේශය යටතේ අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදා කර දීම සදහා “රනිල් විල්අද්දරගේ පදනම” විසින් jobonline.lk වෙබ් අඩවිය එහි සභාපති රනිල් විල්අද්දරගේ මහතා විසින් එළි දක්වනු ලැබීය.
"තරුණ තරුණියන්ට රැකියා ලබා දීමට රනිල් විල්අද්දරගේ පදනම “jobonline.lk” වෙබ් අඩවිය එළි දක්වයි"(කොළඹ | ලංකාපුවත්) – ඉන්දියානු ගුවන් හමුදාව විසින් සංවිධාන කරනු ලැබු “TARANG SHAKTHI” ගුවන් සටන් අභ්‍යාසය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Beechcraft ගුවන් යානය ද එක්වු අතර මෙම අභ්‍යාසය සදහා රටවල් 11ක් නියොජනය කරමින් ගුවන් යානා 150 ක් පමණ සහභාගි විය.
"“තරංග් ශක්ති” අභ්‍යාසයට ශ්‍රී ලංකා ගුවන් හමුදා බීච්ක්‍රාෆ්ට් ගුවන් යානය"(කොළඹ | ලංකාපුවත්) – රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයවලුන්ට, ඡන්ද විමසීම්වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබා දීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.
"ඡන්දේ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි"(කොළඹ | ලංකාපුවත්) – චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන අප්‍රිකා සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුවේ සමාරම්භක උළෙලට එක්වෙයි. එම උළෙල අද (5) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.
"චීන-අප්‍රිකානු සබඳතාව ජාත්‍යන්තර සබඳතා සඳහා නවීන ආදර්ශයක් බව චීන ජනපති පවසයි"(කොළඹ | ලංකාපුවත්) – අමෙරිකාවේ ජෝර්ජියාහි උසස් පාසලක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.
"අමෙරිකාවේ උසස් පාසලක වෙඩි තැබීමක් – 04ක් මරුට"(කොළඹ | ලංකාපුවත්) – ගුරු සේවයේ කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණ සඳහා පවතින මොඩ්‍යුලර් ක්‍රමවේදය වෙනුවට ගුරු ව්‍යවස්ථාව සංශෝධනය කර සරල විභාගයක් සහිත සාධනීය ක්‍රමවේදයක් රාජ්‍ය සේවා කොමිසමේ එකගතාවයෙන් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
"විද්‍යාපීඨ සියල්ල එක්කරන අධ්‍යාපන විශ්ව විද්‍යාලයේ පනත් කෙටුම්පත කැබිනෙට්ටුවට"