තෙල් සංස්ථාව විකිණීමට තීරණයක් ගෙන නැහැ – ඇමති අර්ජුනගෙන් සහතිකයක්

(කොළඹ, ලංකාපුවත්) – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට රජය කිසිඳු ආකාරයක තීරණයක් ගෙන නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්වර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

"තෙල් සංස්ථාව විකිණීමට තීරණයක් ගෙන නැහැ – ඇමති අර්ජුනගෙන් සහතිකයක්"

“එක්වෙමු – නැගිටිමු – අටුකොටු පුරවමු”ආහාර නිෂ්පාදන සංග්‍රාමය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – දේශගුණික හා කාලගුණික විපර්යාස හමුවේ අභියෝගයට ලක් වූ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන නව ජවයකින් අඛණ්ඩව හා තිරසර ලෙස ඉදිරියට ගෙන ඒමට මෙන්ම මෙරට කෘෂිකාර්මික ප‍්‍රබෝධයක් ඇති කිරීමේ අරමුණින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් කි‍්‍රයාවට නංවන ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය අද (06) ඇරඹේ.

"“එක්වෙමු – නැගිටිමු – අටුකොටු පුරවමු”ආහාර නිෂ්පාදන සංග්‍රාමය ඇරඹේ"

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට ලබා දීම අරමුණයි – කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ කර්මාන්ත ප්‍රතිපත්තිය ඉදිරියට රැගෙන යාමට සුදුසු පරිසරය සකස් කිරීම තම මූලික අපේක්ෂාව බවත් එසේම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගික ජනතාවට ලබා දීම පිළිබඳවත් තම විශේෂ අවධානය යොමු කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් කේ.ඩී.එන්. රංජිත් අශෝක මහතා පවසයි.

"අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට ලබා දීම අරමුණයි – කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්"

සතොසෙන් අඩු මිලට සහල් තොග අලෙවි කිරීම අද සිට

(කොළඹ, ලංකාපුවත්) – සතොස හරහා අඩු මිලට සහල් තොග වශයෙන් බෙදා හැරීම අද (04) ආරම්භ කෙරේ.

"සතොසෙන් අඩු මිලට සහල් තොග අලෙවි කිරීම අද සිට"

අතීතය හා අනාගතය යා කෙරෙන “ විද්‍යා 2017 ” අධ්‍යාපනික ප්‍රදර්ශනය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ සහ කැළණිය විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨයේ සම සංවිධායකත්වයෙන් සංවිධාන කෙරුණු “ විද්‍යා 2017 ” විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනික ප්‍රදර්ශනය කැළණිය විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ පරිශ්‍රයේදී ආරම්භ විය.

"අතීතය හා අනාගතය යා කෙරෙන “ විද්‍යා 2017 ” අධ්‍යාපනික ප්‍රදර්ශනය ඇරඹේ"

සුපිරි අධිවේග මුහුදු සංදාම පද්ධතියෙහි හුවමාරු මධ්‍යස්ථානය ජනපති විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) – දකුණු ආසියානු කලාපයේ වැඩිම ඉල්ලූමක් ඇති දත්ත සම්ප්‍රේෂණ කේන්ද්‍රස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාවට හිමි ස්ථානය තවදුරටත් ඉහළ නංවමින් ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී ආයතනය විසින් මාතර ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද SEA-ME-WE 5 මුහුදු සංදාම පද්ධතියෙහි හුවමාරු මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(02) පස්වරුවේ විවෘත කෙරිණි.

"සුපිරි අධිවේග මුහුදු සංදාම පද්ධතියෙහි හුවමාරු මධ්‍යස්ථානය ජනපති විවෘත කරයි"

දෙහිවල සත්තුවත්තේ ආදායම ඊයේ ලක්‍ෂ 17යි

(කොළඹ, ලංකාපුවත්) – හතලිස් දහසකට අධික පිරිසක් ලෝක ළමා දිනය යෙදී තිබූ ඊයේ(01) දෙහිවල ජාතික සත්වෝද්‍යානය නරඹා ඇති බව සත්වෝද්‍යාන තොරතුරු වලින් වාර්තා වේ.

"දෙහිවල සත්තුවත්තේ ආදායම ඊයේ ලක්‍ෂ 17යි"

අඩු මිලට පොල් අද සිට ජනතාවට

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් 65 කට පාරිභෝගිකයන්ට පොල් ලබාදීමේ වැඩපිළිවෙල අද (02) සිට කි‍්‍රයාත්මක බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.

"අඩු මිලට පොල් අද සිට ජනතාවට"

දේශීය ආදායම් පනතට මූල්‍ය අරමුදලෙන් පැසසුම්

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය සහිතව ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා 2017 වසරේ ජුනි මාසය අවසන් වන විට ආදාළ සියලු කාර්ය සාධන ඉලක්ක සපුරාලීමට සහ පාර්ලිමේන්තුව විසින් දේශීය ආදයම් පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා බලදාරීන් දැරූ ඉහළ දායකත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමේ පැසසුමට ලක්වන බව ජේවූ ලී (Jaewoo Lee)මහතා පවසා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

"දේශීය ආදායම් පනතට මූල්‍ය අරමුදලෙන් පැසසුම්"

සුර්යබල පද්ධති වැඩසටහන ප්‍රවර්ධනය සදහා මහජන අදහස් විමසයි

(කොළඹ, ලංකාපුවත්) – වහල මත සවිකරන සුර්යබල පද්ධතිසවිකිරීමේ වැඩසටහන ප්‍රවර්ධනය සදහා පහසුකම් සැළසීමට අවශ්‍ය නියාමන රාමුව සකස්කිරීම සදහා මහජන අදහස් ලබාගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

"සුර්යබල පද්ධති වැඩසටහන ප්‍රවර්ධනය සදහා මහජන අදහස් විමසයි"