කටුනායක ගුවන්තොටුපොළට දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක්

(ලංකාපුවත් | කොළඹ) –ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මෙරටට ඇතුළුවීමට ඉඩ නොතැබීමට කටුනායක බණ්ඩාරණායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.

"කටුනායක ගුවන්තොටුපොළට දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක්"

‘‘දේශපාලනයේ සැඟවුණු කතා කියන කතා’’ ග්‍රන්ථය අගමැතිට

(ලංකාපුවත් | කොළඹ) –‘‘දේශපාලනයේ සැඟවුණු කතා කියන කතා’’ එහි කර්තෘ ගුණපාල තිස්සකුට්ටිආරච්චි මහතා විසින් අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද (29) පිළිගන්වනු ලැබීය.

"‘‘දේශපාලනයේ සැඟවුණු කතා කියන කතා’’ ග්‍රන්ථය අගමැතිට"

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වුවන්ට බලපාන කම්කරු නීති සංශෝධනයට සූදානම්

(ලංකාපුවත් | කොළඹ) –සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වුවන්ට බලපාන කම්කරු නීති ලබන වසර තුළ සංශෝධනය කිරිමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ කම්කරු අමාත්‍යාංශය සමග ද සාකච්ඡා කර ඒ සදහා අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.

"සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වුවන්ට බලපාන කම්කරු නීති සංශෝධනයට සූදානම්"

ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතන මෙහෙයුම් කමිටුව පත් කෙරේ

(ලංකාපුවත් | කොළඹ) – ජනමාධ්‍ය විෂය ක්ෂේත්‍රයේ සහතික පත්‍ර පාඨමාලාවේ සිට උපාධි සහ පශ්චාත් උපාධි මට්ටම දක්වා ධ්‍යයන අවස්ථා සැලීමට හැකි වන පරිදි ජනමාධ්‍ය උසස් අධ්‍යාපන පර්යේෂණ සහ පුහුණු ආයතනයක් ලෙස ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය ස්ථාපිත කිරීම සඳහා වන වගකීම භාර මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි පවසයි.

"ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතන මෙහෙයුම් කමිටුව පත් කෙරේ"

‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් හඳුනා ගැනීමට සූදානම්

  (ලංකාපුවත් | කොළඹ) –දකුණු අප්‍රිකානු කලාපයෙන් හඳුනා ගත් ඔමික්‍රෝන් (Omicron) නව කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා වන ජාන විශ්ලේෂණ කටයුතු වේගවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ සඳහා වන සියලු නිර්ණායක මේ වනවිට ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි

"‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් හඳුනා ගැනීමට සූදානම්"

කොවිඩ් අධි මාත්‍රා එන්නත (BOOSTER) ජංගම සේවා මගින්

(ලංකාපුවත් | කොළඹ) – කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලැබ මාස තුන ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට ජංගම සේවා මගින් අධි මාත්‍රාව (Booster) ලබාදීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙයි.

"කොවිඩ් අධි මාත්‍රා එන්නත (BOOSTER) ජංගම සේවා මගින්"

නව පාසල් වාරය ආරම්භය ගැන චක්‍රලේඛයක්

(ලංකාපුවත් | කොළඹ) – මේ වසරට නියමිත පාසල් විෂය නිර්දේශ ආවරණය කිරීම සහ ලබන වසරේ නව පාසල් වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

"නව පාසල් වාරය ආරම්භය ගැන චක්‍රලේඛයක්"

යහපාලන ආණ්ඩුව එදා හැකි තරම් ණය ගත්තත් ඉන් කළ දෙයක් නැහැ – අගමැති

(ලංකාපුවත් | කොළඹ) – බංකොළොත් මට්ටමේ පහළටම වැටුණු යහපාලන ආණ්ඩුව එදා හැකි තරම් ණය ගත්තත් ඉන් කළ දෙයක් නැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (25) ප්‍රකාශ කළේය.

"යහපාලන ආණ්ඩුව එදා හැකි තරම් ණය ගත්තත් ඉන් කළ දෙයක් නැහැ – අගමැති"

සෑමවිටම ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරනවා – එ.ජා.සංවිධානය

(ලංකාපුවත් | කොළඹ) – එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑමවිටම ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන බව එහි දේශපාලන කටයුතු, සාමය ගොඩනැගීම සහ සාම මෙහෙයුම් පිළිබඳ සහකාර මහ ලේකම් කලීඩ් කියාරි (Khaled Khiari) මහතා පවසයි.

"සෑමවිටම ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරනවා – එ.ජා.සංවිධානය"

සෑබෑ සංවර්ධනයට ආර්ථික සංවර්ධනය වගේම අධ්‍යාත්මික සංවර්ධනයත් තිබිය යුතුයි – අගමැති

  (ලංකාපුවත් | කොළඹ) – රටක සැබෑ සංවර්ධනයක් ඇති වීමට නම් ආර්ථික සංවර්ධනය වගේම අධ්‍යාත්මික සංවර්ධනයත් තිබිය යුතු බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

"සෑබෑ සංවර්ධනයට ආර්ථික සංවර්ධනය වගේම අධ්‍යාත්මික සංවර්ධනයත් තිබිය යුතුයි – අගමැති"