ලබන වසර සඳහා වන අයවැය හෙට පාර්ලිමේන්තුවට

(ලංකාපුවත් | කොළඹ) –ලබන වසර සඳහා වන අයවැය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. මෙරට 22 වැනි මුදල් අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන පළමු අයවැය මෙයයි. අයවැය කථාව හෙට පස්වරු 1.30 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ.

"ලබන වසර සඳහා වන අයවැය හෙට පාර්ලිමේන්තුවට"

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කරන්න අගමැති මැදිහත්වෙයි

(ලංකාපුවත් | කොළඹ) –විසි පස් වසරකට ආසන්නව පවතින වැටුප් විෂමතාව ඉවත් කිරීම දැනුම් දීම සඳහා ඊයේ (10) දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 01 හි පැවති හමුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයට ගුරු- විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයෝ සිය ප්‍රණාමය පුද කළහ.

"ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කරන්න අගමැති මැදිහත්වෙයි"

සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍රයේ නියුතු වුවන්ට බුස්ටර් එන්නත

(ලංකාපුවත් | කොළඹ) – මේ මාසය අවසන් වීමට පෙර සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍ර යේ නියුතුවූවන්ට කොවිඩ් බූස්ටර් එන්නත ලබාදී අවසන් කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ එවිට ශ්‍රී ලංකාව සංචාරකයන් සදහා කොවිඩ් සුරක්ෂිත රටක් බවට පවතින බවයි.

"සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍රයේ නියුතු වුවන්ට බුස්ටර් එන්නත"

ආපදාවට ලක්වූවන්ට කඩිනමින් සහන සලසනවා – අගමැති

(ලංකාපුවත් | කොළඹ) –පවතිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම සදහා අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

"ආපදාවට ලක්වූවන්ට කඩිනමින් සහන සලසනවා – අගමැති"

බිම්බෝම්බ ඉවත්කළ ඉඩම් අක්කර 2,186ක් මුල් පදිංචිකරුවන්ට

(ලංකාපුවත් | කොළඹ) – උතුරු – නැගෙනහිර බිම්බෝම්බ ඉවත් කළ ඉඩම් ජනතාවට ලබා දීමේ වැඩසටහන යටතේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ,පච්චිලායිපල්ලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බිම්බෝම්බ වලින් නිදහස් කරන ලද ඉඩම් නැවත මුල් පදිංචිකරුවන් වෙත ලබා දීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ සහ ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

"බිම්බෝම්බ ඉවත්කළ ඉඩම් අක්කර 2,186ක් මුල් පදිංචිකරුවන්ට"

යළිත් කොරෝනා රෝගීන්ගේ සුළු වැඩිවීමක්

(ලංකාපුවත් | කොළඹ) – ඊයේ(04) දිනයේදී ආසාදිතයින් 592ක් හමුවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ හතලිස් තුන්දහසේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

"යළිත් කොරෝනා රෝගීන්ගේ සුළු වැඩිවීමක්"

අය-වැය හිඟය අඩු කර ගැනීම මෙවර අය-වැයේ ඉලක්කයයි

(ලංකාපුවත් | කොළඹ) – රටේ සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා සහ අය-වැය හිඟය ප්‍රශස්ත මට්ටමකින් අඩු කර ගැනීම ඉලක්ක කරගෙන මෙවර අය-වැය සකස් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ජනාධිපති කේන්ද්‍රයේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

"අය-වැය හිඟය අඩු කර ගැනීම මෙවර අය-වැයේ ඉලක්කයයි"

ඉන්දියාවේදී හසුවූ ISIS සාමාජිකයා සමඟ සබඳතා පැවැත්වූ ශ්‍රී ලාංකික 702ක් ගැන විමර්ශන

(ලංකාපුවත් | කොළඹ) –ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රබල අයි.එස්.අයි.එස් සමාජිකයකුගේ දුරකතනයේ තිබූ ශ්‍රී ලාංකිකයන් 702 දෙදෙනකුගේ තොරතුරු සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

"ඉන්දියාවේදී හසුවූ ISIS සාමාජිකයා සමඟ සබඳතා පැවැත්වූ ශ්‍රී ලාංකික 702ක් ගැන විමර්ශන"

සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍යයි – ජනපති

(ලංකාපුවත් | කොළඹ) – මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමඟ සමපාත විය යුතු බව පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව අවධාරණය කරයි.

"සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍යයි – ජනපති"

බූස්ටර් එන්නත ලබාදීම අද සිට

(ලංකාපුවත් | කොළඹ) – කොවිඩ් 19 මර්දනය සඳහා මෙරට පුද්ගලයන්ට තුන්වන එන්නත් මාත්‍රාව (බූස්ටර් මාත්‍රාව) දීම අද (01) ආරම්භ වන අතර ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පළමුව එන්නත් කිරීමට නියමිතය.

"බූස්ටර් එන්නත ලබාදීම අද සිට"