මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිලි කිහිපයක් ජනතා අයිතියට

(ලංකාපුවත් | කොළඹ) – සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරදැරිව අභිනවයෙන් ඉදිකරන ලද මැදවච්චිය දිසා/මහේස්ත්‍රාත් අධිකරණය සහ කහටගස්දිගිලිය දිසා/මහේස්ත්‍රාත් අධිකරණය ජනතා අයිතියට පත්කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) සිදු කෙරිණි.

"මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිලි කිහිපයක් ජනතා අයිතියට"

පළමු පොපි මල ජනපතිට පළඳවයි

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුමේ පළමු පොපි මල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පලඳවයි.

"පළමු පොපි මල ජනපතිට පළඳවයි"

සංවර්ධන ගැටලු සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් මසකට වරක් කැබිනට් අමාත්‍යාංශ ලේකම් හමුවී සාකච්ඡා කරන්න

(ලංකාපුවත් | කොළඹ) –සංවර්ධන ව්‍යාපෘති සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී පවතින ගැටලු හා අපේක්ෂිත වැඩපිළිවෙල සමඟ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් මසකට වරක් හමුවී සාකච්ඡා කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (25) උපදෙස් දුන්නේය.

"සංවර්ධන ගැටලු සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් මසකට වරක් කැබිනට් අමාත්‍යාංශ ලේකම් හමුවී සාකච්ඡා කරන්න"

මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉවතට

(ලංකාපුවත් | කොළඹ) –ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික ධුරයෙන් ද, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරයෙන් හා කුඩා ව්‍යාපාර කෘෂි සහභාගීත්ව වැඩසටහනේ උපදේශක ධුරයෙන් යන සියලු තනතුරුවලින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ මහතාට උපදෙස් ලබා දී තිබේ.

"මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉවතට"

වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ පළමු වන පෙරසවි කොන්ක්‍රීට් පාලම් කොටස සවිකෙරේ

(ලංකාපුවත් | කොළඹ) –ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයක් වන පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවි කිරීමේ ක්‍රමවේදයට අනුව පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් 3279 ක් මත ඉඟුරුකඩේ මංසන්ධියේ සිට ගාලුමුවදොර වරාය නගරය දක්වා කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ පළමු වන පෙරසවි කොන්ක්‍රීට් පාලම් කොටස සවිකිරීමේ උත්සවය ඊයේ(25) පැවැත්විණි.

"වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ පළමු වන පෙරසවි කොන්ක්‍රීට් පාලම් කොටස සවිකෙරේ"

ජපාන තානාපති හා ජනපති හමුවක්

(ලංකාපුවත් | කොළඹ) – සේවය අවසන් කර දිවයිනෙන් පිටත් ව යාමට නියමිත ජපාන තානාපති සුගියාමා අකිරා මහතා (Sugiyama Akira) අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

"ජපාන තානාපති හා ජනපති හමුවක්"

කොවිඩ් ආසාදිත ළමුන්ගේ ප්‍රතිශතය ශීඝ්‍රයෙන් අඩු වෙයි

(ලංකාපුවත් | කොළඹ) – කොවිඩ් ආසාදිත ළමයින්ගේ ප්‍රතිශතය ශීඝ්‍රයෙන් අඩු වී ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ශාමල් රජින්ද්‍රජිත් මහතා ප්‍රකාශ කළේය.

"කොවිඩ් ආසාදිත ළමුන්ගේ ප්‍රතිශතය ශීඝ්‍රයෙන් අඩු වෙයි"

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

(ලංකාපුවත් | කොළඹ) – තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තුන් ලක්ෂ හාරදහස් දෙසීයක් 304,200 අද(25) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

"තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට"

ප්‍රතිසංස්කරණය කළ එයිටි ක්ලබ් (80 Club) අගමැති විවෘත කරයි

(කොළඹ | ලංකාපුවත්) –ප්‍රතිසංස්කරණය කළ කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි “එයිටි ක්ලබ්” (80 Club) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(21) රාත්‍රියේ දී විවෘත විය.

"ප්‍රතිසංස්කරණය කළ එයිටි ක්ලබ් (80 Club) අගමැති විවෘත කරයි"

ශ්‍රී ලාංකේය දූත පිරිස ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගනි

(කොළඹ | ලංකාපුවත්) –ඉන්දු – ශ්‍රී ලංකා ඵෙතිහාසික සබඳතා තහවුරු කරගනිමින් ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ පිහිටි කුෂිනගර් අන්තර්ජාතික ගුවන් තොටුපොළෙහි ගුවන් මෙහෙයුම් කටයුතුවල සමාරම්භය සනිටුහන් කිරීම වෙනුවෙන් වස්කඩුව ශ්‍රී සුභූති මහා විහාරයේ තැම්පත් කර තිබූ කපිලවස්තු සර්වඥ ධාතූන්වහන්සේලා ප්‍රමුඛ මහා සංඝ රත්නයේ භික්ෂූන්වහන්සේලා සහ ශ්‍රී ලාංකික දූත පිරිස සමග කුෂිනගර් අන්තර්ජාතික ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වීම පසුගිය (20) දා සිදුවිය.

"ශ්‍රී ලාංකේය දූත පිරිස ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගනි"