හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානීට මහ පරිමාණ මූල්‍ය වංචා චෝදනාවක්

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් සහ පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න යන තිදෙනාගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කෙරේ.

"හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානීට මහ පරිමාණ මූල්‍ය වංචා චෝදනාවක්"

අධිවේගයේ යන රියදුරන්ට ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගවල රිය ධාවනයේ දී වඩාත් සැලකිලිමත් වන ලෙස රියදුරන්ට අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය දැනුම් දීමක් කරනු ලැබේ.

"අධිවේගයේ යන රියදුරන්ට ඉල්ලීමක්"

පළාත් පාලන ඡන්ද ගැසට් පත්‍රයට අත්සන් තැබීම හෙට

(කොළඹ, ලංකාපුවත්) –නව මැතිවරණ ක්‍රමය යටතේ ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන ගැසට් නිවේදනයට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් හෙට (01) පෙරවරු 11 ට එම අමාත්‍යාංශයේ දී අත්සන් තැබීමට නියමිතය.

"පළාත් පාලන ඡන්ද ගැසට් පත්‍රයට අත්සන් තැබීම හෙට"

නව නාවික හමුදාපති ජනපති හමු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

"නව නාවික හමුදාපති ජනපති හමු වෙයි"

දන්ත සේවා කටයුතු ගමට ගෙනයාමට ජංගම දන්ත සේවා බස් රථ

(කොළඹ, ලංකාපුවත්) –දන්ත සේවා කටයුතු ගමට ගෙනයාම සදහා ජංගම දන්ත සේවා බස් රථ 07 ක් සහ රෝහල් 50 ක් පරිගණක ගත කිරීම සඳහා පරිගණක යන්ත්‍ර බෙදා දීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දී සිදු කෙරිනි.

"දන්ත සේවා කටයුතු ගමට ගෙනයාමට ජංගම දන්ත සේවා බස් රථ"

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ වැරදි මත දුරලීමට පියවර 03 ක් – ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) –යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ඇතැමුන් තුළ පවතින වැරදි මත නිවැරදි කර ගැනීම සඳහා ඉදිරියේදී ප‍්‍රවේශයන් 03 ක් වෙත යොමු වීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ වැරදි මත දුරලීමට පියවර 03 ක් – ජනපති කියයි"

සතොසේ නාඩු කිලෝව රු.74 ට

(කොළඹ, ලංකාපුවත්) –මෙම වසරේ ජුලි මාසයේදී ඉන්දියාවෙන් ඇණවුම් කළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයෙන් නාඩු සහල් මෙට්‍රික් ටොන් 17 000 ක් මේ වන විට ශ්‍රී ලංකාවට ලැබී ඇති බවත් එම සහල් තොග ලංකා සතොස අළෙවි සැල් මඟින් හා සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ ජංගම අළෙවි රථ මඟින් ලංකාව පුරා බෙදා හැරීමට කටයුතු යොදා ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

"සතොසේ නාඩු කිලෝව රු.74 ට"

ගැබ් ගත්තැ’යි අසත්‍ය චෝදනා කළ දැරියට අධ්‍යාපන ඇමතිගෙන් පාසලක්

(කොළඹ, ලංකාපුවත්) –කැකිරාව අධ්‍යාපන කලාපයේ මඩාටුගම රේවත විද්‍යාලයේ 10 ශ්‍රේණියේ දැරියක ගැබ්ගෙන ඇතැයි අසත්‍ය චෝදනා නඟමින් ඇය පාසලින් ඉවත් කිරීමේ සිද්ධියක් පසුගිය දා වාර්තා වූ අතර, සිද්ධියට අදාළ විදුහල්පතිවරියගේ රාජකාරී වැඩ තහනම් කිරීමට මේ වනවිට පියවර ගෙන තිබේ.

"ගැබ් ගත්තැ’යි අසත්‍ය චෝදනා කළ දැරියට අධ්‍යාපන ඇමතිගෙන් පාසලක්"

ඩග්ලස් දේවානන්දට පහරදීමට තැත්කළ අයට බරපතල වැඩ සහිත වසර 10 සිර දඬුවම්

(කොළඹ, ලංකාපුවත්) –ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට කළුතර බන්ධනාගාරය තුළදී උල් ආයුධ වලින් පහරදී මරා දැමීමට තැත් කිරීමේ නඩුවේ විත්තිකරුවන් 06 දෙනෙකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 10 1/2ක සිර දඬුවම් නියම කරයි.

"ඩග්ලස් දේවානන්දට පහරදීමට තැත්කළ අයට බරපතල වැඩ සහිත වසර 10 සිර දඬුවම්"

වලාකුළින් බර අහසක් අද

(කොළඹ, ලංකාපුවත්) – දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වල අහස අද(30) දවසේ වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"වලාකුළින් බර අහසක් අද"