පළමු පාසල් වාරය ලබන 05වනදා අවසන්වෙයි  

(කොළඹ, ලංකාපුවත්) – රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය ලබන 05 වන දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

"පළමු පාසල් වාරය ලබන 05වනදා අවසන්වෙයි  "

මන්ත්‍රී විමල් ලබන 07වනදා තෙක් රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ වාහන අව භාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තවදුරටත් ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය  අදාළ නියෝග ලබාදී ඇත.  විමල් වීරවංශ මන්ත්‍රීවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා පරීක්ෂණයට අදාළ නීතිමය හා සිද්ධිමය කරුණු දක්වමින් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.

"මන්ත්‍රී විමල් ලබන 07වනදා තෙක් රිමාන්ඩ්"

කටුනායක ගුවන් මෙහෙයුම් 06වනදා සිට සුපුරුදු ලෙසින්

(කොළඹ, ලංකාපුවත්) – කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලබන 06වනදා සිට නැවත පූර්ණ වශයෙන් විවෘත කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කරයි. ධාවන පථය නැවත ඇතිරීමේ කටයුතු සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු පසුගිය ජනවාරි 60 වනදා  සිට අප්‍රේල් 05 වනදා දක්වා දිනකට පැය අටක කාලයක් තාවකාලිකව නවතා තිබිණි.

"කටුනායක ගුවන් මෙහෙයුම් 06වනදා සිට සුපුරුදු ලෙසින්"

දඹුල්ලේ සිතුවම් සංරක්ෂණයට විශේෂඥයෙන් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – දඹුල්ලේ බිතු සිතුවම් සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක අතර ඒ සඳහා විශේෂඥ සහය ලබා දීම පිණිස ඉතාලියේ International Centre for the Study of the Preservation and Restoration of Cultural Property (ICCROM)  ආයතනයේ බිතු සිතුවම් සංරක්ෂණය පිළිබඳ මහාචාර්ය වර්නර් ස්මිත් මහතා අද (03) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දඹුලු ලෙන් සිතුවම්  විනාශ මුඛයට යාම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විශේෂ අවධානය යොමු කරමින් එම චිත්‍ර සංරක්ෂණය සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස…

"දඹුල්ලේ සිතුවම් සංරක්ෂණයට විශේෂඥයෙන් දිවයිනට"

’සභාපති ධූරය බාර ගත්තේ පවුලේ කිසිවකුටත් ඔටුණු පැළඳවීමට නොවෙයි’- ජනපති

(කොළඹ, ලංකාපුවත්) – දූෂණ, වංචා සහ සොරකම් සිදු කරමින් රටේ රාජ්‍ය සම්පත් සහ මහජනතාවගේ දේපළ අනිසි ලෙස භාවිතකරමින් සාක්කු පුරවා ගැනීමට යම් දේශපාලනඥයෙක් උත්සාහ කරන්නේ නම් ඔහු කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවද ගතයුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට කිසි සේත් පසුබට නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය තමා බාර ගත්තේ පවුලේ කිසිවකුටත් ඔටුණු පැළඳවීමට නොවන බවත් සමස්ත ජනතාව සෞභාග්‍යවත් අනාගතයක් කරා රැගෙන යෑමට අඩිතාලම දැමීමට බවත් අයුතු…

"’සභාපති ධූරය බාර ගත්තේ පවුලේ කිසිවකුටත් ඔටුණු පැළඳවීමට නොවෙයි’- ජනපති"

ශ්‍රී ලංකා-චීන මිත්‍රත්වය ඉන්දියා සබඳතාවලට බලපෑමක් නොවන බව අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින මිත්‍රත්වය ඉන්දියාව සමඟ පවතින සබඳතාවලට බලපෑමක් නොවන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි. ඉන්දීය මාධ්‍යය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අග්‍රමාත්‍යවරයා එහිදී ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කර ඇත.

"ශ්‍රී ලංකා-චීන මිත්‍රත්වය ඉන්දියා සබඳතාවලට බලපෑමක් නොවන බව අගමැති කියයි"

අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර හිමි අපවත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අමරපුර නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර නාහිමියන් අද(03) අලූයම අපවත්විය. අපවත්වනවිට උන්වහන්සේ 102 වන වියේ පසුවිය.

"අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර හිමි අපවත්වෙයි"

මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අධිකරණය හමුවට කැඳවන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

(කොළඹ, ලංකාපුවත්) – යුද සමයේදී 58වැනි සේනාංකය භාරව සිටි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අධිකරණය හමුවට කැඳවන්නැයි කළ ඉල්ලීම මුලතිව් මහේස්ත‍්‍රාත් එම්.සම්සුදීන් විසින් අද(31) ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායකයෙකු බව කියන සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලිලන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළවයි.

"මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අධිකරණය හමුවට කැඳවන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි"

කළුතර බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමට ආධාර අනුබල දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – කළුතර දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මොරටුව හා බණ්ඩාරගම ප‍්‍රදේශවලදී අදාළ සැකකරුවන් දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

"කළුතර බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමට ආධාර අනුබල දුන් දෙදෙනෙක් අත්අඩංගුවට"

බැඳුම්කර විමර්ශන සහයට ASP ලෝරන්ස් පත්කරයි

(කොළඹ, ලංකාපුවත්) – මහ බැංකු බැඳුම්කර විමර්ශන කොමිසමේ විමර්ශන සහයට සහකාර පොලිස් අධිකාරී ඒන්.වී. ලෝරන්ස් තාවකාලිකව අනුයුක්ත කර තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතයි.

"බැඳුම්කර විමර්ශන සහයට ASP ලෝරන්ස් පත්කරයි"