(කොළඹ, ලංකාපුවත්) – දූෂණ චෝදනා මත බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු හිටපු ජනාධිපති පාර්ක් ග්‍යුන් හේ අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව හිටපු ජනාධිපතිවරියව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
"දකුණු කොරියානු හිටපු ජනපතිනිය අත්අඩංගුවට"Category: Top Story
(කොළඹ, ලංකාපුවත්) – මාලදිවයින සිට පැමිණි ගුවන්යානයක තිබුණු හෙරොයින් මත්කුඩු කිලෝ 1.3ක ප්‍රමාණයක් කටුනායක ගුවන්තොටුපළේදී සොයාගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා ප්‍රකාශ කළේය. ගුවන් තොටුපල රේගුවට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ පරික්ෂාවකදී යානය තුළ තිබී මෙලෙස හෙරොයින් සොයාගෙන ඇත.
"රු.මිලියන14ක හෙරොයින් කටුනායක ගුවන් යානයකින්"(කොළඹ, ලංකාපුවත්) – කන්කසන්තුරේ වරායෙන් ඛණිජ තෙල් ගොඩබෑම සදහා ඉදිරියේ දී කටයුතු කරන බව ඛණීජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සහන් කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ උතුරු පළාතට ඛණිජ තෙල් ප‍්‍රවාහනය කිරීම සදහා අධික පිරිවැයක් දැරීමට සිදු වන බවයි.
"කන්කසන්තුරේ වරායෙන් තෙල් ගොඩබෑමට සැළසුම්"(කොළඹ, ලංකාපුවත්) – විශාදය රෝගය විශාල ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බවත් ලෝකයේ මේ වනවිට ජනගහනයෙන් මිලියන 350ක් විශාදයට ගොදුරු වී තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය Belinda Loring මහත්මිය පවසයි. අප්‍රේල් 07 දිනට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් ක්‍රියාත්මක විශාදය රෝගය පිළිබඳව ජනතාව දනුවත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව සහ රෝගය පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීම පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභගීවෙමින් ඒ මහත්මිය මේ බව පැවසුවාය.
"ලෝක ජනගහනයෙන් මිලියන 350ක් විශාදයට ගොදුරු වෙලා"(කොළඹ, ලංකාපුවත්) – 2016 ඡන්ද හිමි නාමලේඛනයට අනූව දිස්ත්‍රික්ක දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවල වෙනසක් සිදුව ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. ඒ අනූව බදුල්ල දිස්ත්‍රික්කයේ 9ක්ව පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 8 දක්වා අඩුවන අතර, යාපනය දිස්ත්‍රික්කයේ පැවති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 6 සිට 7 දක්වා වැඩිවී ඇත.
"දිස්ත්‍රික්ක දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවල වෙනස් වීමක්"(කොළඹ, ලංකාපුවත්) – බැදුම්කර ගණුදෙණු පිළිබද ජනාධිපති කොමිසමේ විමර්ශනයන් අවසන් වන තුරු මහ බැංකු ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයින් ඉවත් කිරීමට මූල්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
"බැදුම්කර විමර්ශන අවසන්වන තෙක් ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයින් ඉවත් කරයි"(කොළඹ, ලංකාපුවත්) – දකුණු ඉන්දිය සුපිරි නළු රජිනි කාන්ත් සිය ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීම පිළිබඳ ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙත ලිපියක් යොමුකර ඇත. යාපනය ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවාස ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවකට සහභාගී වීමේ අරමුණින් ලබන අප්‍රේල් මස 09 වනදා මෙරට සංචාරයක නිරත වීමට රජිනි කාන්ත් තීරණය කර තිබුණි.
"රජිනි කාන්ත්ගෙන් ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ලිපියක්"(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව අනුගමනය කරනු ලබන විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගත් නිසා යළි වතාවක් ධවල මන්දිරයේ දොරටුව, ඩවුන්ස්ට්‍රීට්, නව දිල්ලිය, තායිලන්තය, කැන්බරාවල කාර්යාල අපේ නායකයන්ට විවෘත වී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියි. කොළඹ ඊයේ(28)පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
"’ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපතිත්ය ජාත්‍යන්තරයේ විශ්වාසයට’ – විදේශ ඇමති"(කොළඹ, ලංකාපුවත්) – මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාම සදහා යොදාගත් බවට සැක කෙරෙන වෑන් රථයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. පිළියන්දල ප‍්‍රදේශයේ කාන්තාවක් සන්තකයේ තිබියදී එම වෑන්රථය අත්අඩංගුවට ගෙන තිබේ.
"මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමට යොදාගත් වෑන්රථයක් අත්අඩංගුවට"(කොළඹ, ලංකාපුවත්) – උසස් ප්‍රමිතියෙන් යුත් ආහාර ද්‍රව්‍ය අඩුමිලට පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් දිවයින පුරා සතොස අලෙවිසැල් විවෘත කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර එහි ප්‍රථම අලෙවි සැල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (28) කොහුවල නගරයේ දී විවෘත කෙරිණි.
"ලංකා සතොස අලෙවිසැල් ජාලය පුළුල් වෙයි"