(කොළඹ, ලංකාපුවත්) – ඵෙතිහාසික මෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් ලෝක උරුම සීගිරිය නැරඹීම සදහා දෙස් විදෙස් සංචාරකයින්ට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ පහසුකම් සැලසේ. මධ්‍යම සංස්කෘතික අරමුදල හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව මෙම ඉ-සේවාව ක්‍රියාවට නංවා තිබේ.
"සීගිරි ළදුනුත් ඔන්ලයින් වෙයි"Category: Top Story
(කොළඹ, ලංකාපුවත්) – ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා සාප්පු සවාරි යාමේදී ප්‍රවේශම් වන්නැයි, වෛද්‍ය පර්යේෂණ ආයතනය දැනුම්දෙයි. විශේෂයෙන්ම ගර්භණී මව්වරුන්, කුඩා දරුවන් සහ නිධන්ගත රෝගවලින් පීඩා විඳින්නට මේ වෛරසය පහසුවන් ආසාදනය වන බැවින් වඩා ආරක්ෂාකාරී විය යුතු ය.
"සාප්පු සවාරි යාමේදී ඉන්ෆ්ලුවෙන්සා ගැන සැලකිලිමත් වන්නන – වෛද්‍ය පර්යේෂණ ආයතනය "(කොළඹ, ලංකාපුවත්) – සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයෙන් කඩුලු 06ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ(05) සමත් විය. ප‍්‍රථමයට පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 06ක් දැවී ලකුණු 155ක් රැස් කරනුලැබීය. මොසඩැක් හුසේන් නොදැවී ලකුණු 34 යි.
"ශ්‍රී ලංකාවට කඩුලු 06ක විශිෂ්ට ජයක්"(කොළඹ, ලංකාපුවත්) – රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර ඊයේ (03)සිදුවූ ප්‍රහාරය දකිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙලා දැක තිබේ. ජනාධිපතිතුමා පීඩාවට පත් වූ පවුල් වෙත සිය ශෝකය පළ කළේය.
"ජනපති රුසියාවට සොව පළ කරයි"(කොළඹ, ලංකාපුවත්) – රටේ විවිධ ප‍්‍රදේශවල පැතිරී යන වෛරස් රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් ජනතාව කිසිදු බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙයි. යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගෙන යාමෙන් බොහෝ වෛරස් රෝගයන්ගෙන් ආරක්ෂා විය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසීය.
"පැතිරී යන වෛරස් රෝග තත්ත්වයට බිය නොවන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්"(කොළඹ, ලංකාපුවත්) – ඉන්දු -ශ්‍රී ලංකා ධීවර ගැටලූවට විසඳුම් සෙවීම සඳහා පැවැත්වෙන සාකච්ඡාවල තෙවන වටය ලබන 07 වනදා කොළඹ දී පැවැත්වීමට නියමිතය. ඒ සදහා ඉන්දීය රජයේ පාර්ශවය නියෝජනය කරමින් එරට ධීවර අමාත්‍ය රාධා මොහාන් සිං ඇතුළු පිරිසක් සහභාගි වනු ඇත.
"ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටලූව ගැන තවත් සාකච්ඡාවක් කොළඹදී"(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම හේවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 30 ඉක්මවා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අනිද්දා(06) සිට ඇරඹෙන බවයි. ඒ අනිද්දා දහවල් 12.13ට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වන ඇත.
"හිරු මුදුන්වීම නිසා උණූසුම වැඩිවෙයි"(කොළඹ, ලංකාපුවත්) – ආරක්ෂක හමුදාවල ජාතික සේවයක් ඉටු කළ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු 100 දෙනෙකුට සාම විනිසුරු පදවි පිරිනැමීමට අධිකරණ අමාත්‍යංශය සූදානම් වෙයි. ආරක්ෂක හමුදාවල ජාතික සේවයක් ඉටු කළ විශ්‍රාමික හමුදා නිලධාරින්ගේ සේවය අගයමින් තවදුරටත් ප්‍රජා සේවා කටයුතුවලට සම්බන්ධ කර ගැනීමේ අරමුණින් මේ කටයුත්ත සිදු කරයි.
"විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් 100කට සාම විනිසුරු පදවි"(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපතිවරයෙකු වන ජේ.ආර්. ජයවර්ධන මහතාගේ එකම පුත්‍රයා වන රවී ජයවර්ධන මහතා අද(03) දහවල් අභාවප්‍රාප්ත විය.
"හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධනගේ පුත් රවී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි"(කොළඹ, ලංකාපුවත්) – කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලබන 06වනදා සිට නැවත පූර්ණ වශයෙන් විවෘත කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කරයි. ධාවන පථය නැවත ඇතිරීමේ කටයුතු සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු පසුගිය ජනවාරි 60 වනදා සිට අප්‍රේල් 05 වනදා දක්වා දිනකට පැය අටක කාලයක් තාවකාලිකව නවතා තිබිණි.
"කටුනායක ගුවන් මෙහෙයුම් 06වනදා සිට සුපුරුදු ලෙසින්"