(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විමේ නිල ක්‍රියාදාමය ආරම්භ කරමින් ලිස්බන් ගිවිසුමේ 50 වැනි වගන්තිය සම්බන්ධ නිල ලේඛනයට එරට අගමැතිනි තෙරේසා මේ, අත්සන් තබා ඇත.
අගමැතිවරිය එම ලිපියට අත්සන් තැබිමෙන් පසු යුරෝපා සංගමය වෙත යොමු කළබව විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.
අගමැතිනි තෙරේසා මේ පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කලේ “මෙය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ඓතිහාසික මොහොතක්“ බවයි.
මින් පසු ආරම්භ වන්නේ බ්‍රිතාන්‍ය ,යුරෝපා සංගමයෙන් වෙන්වීමේ සාකච්ඡා කිරීමේ දෙවසරක නිල කාලයයි. එකඟතාවකට පැමිණීමට දෙවසරක කාලයක් ගතවෙනු ඇත.