(කොළඹ, ලංකාපුවත්) –පාකිස්ථානයේ වැන් රථයක් මාර්ගයක් අසල අටවා තිබු බිම් බෝම්බයකට හසු වීමෙන් පුද්ගලයින් 14දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගෝදාර් ප්‍රදේශයේ දී මෙම බෝම්බය පුපුරා ගොස් ඇති බවය.
මෙයින් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබේ.
මියගිය අයගෙන් තිදෙනෙක් මේ දිනවල පාකීස්ථානයේ පැවැත්වෙන සංගණන රාජකාරි කටයුතු සදහා යොදවා සිටි රාජ්‍ය නිලධාරින් බව වාර්තා වේ.
පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ශරිෆ් මෙම ප්‍රහාරය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ආණ්ඩු විරෝධී පාකිස්ථානයේ තලිබාන්වරුන් සම්බන්ධ වූ සටන්කාමී කණ්ඩායම් මෙම පිපිරීම සිදු කර ඇති බවට ද විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.