වසර 20කට පසු නේපාලයේ ඡන්ද විමසුමක්

(කොළඹ, ලංකාපුවත්) – වසර විස්සකට පසු නේපාලයේ පළාත් පාලන මැතිවරණය ඊයේ(14) පැවැත්වුණි.

නේපාලයේ අවසන් වරට පළාත් පාලන මැතිවරණයක් පවත්වා ඇත්තේ 1997 වසරේදී ය. වසර පහක් වන පළාත් පාලන ආයතනවල ආයු කාලය අවසන් වූ පසුව නැවතත් මැතිවරණයක් පවත්වා නොමැත. ඊට හේතුව, එරට පැවැති සිවිල් යුද තත්වය වේ.

ඊයේ පැවැත්වුණු මැතිවරණයට පණස් දහසක් පමණ අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

එරට ප්‍රධානතම ඡන්ද බල ප්‍රදේශය වන කත්මණ්ඩු නගරයෙන් 878 දෙනෙකු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිට ඇත. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා බෝහෝ අයගේ දැඩි කැමැත්තක් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තාව සඳහන් කර තිබේ.

මැතිවරණය, අදියර දෙකක් යටතේ පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *