(කොළඹ, ලංකාපුවත්) – ඓතිහාසික පොසොන් උත්සවය නිමිත්තෙන් ලබන සදුදා (06) සිට ජුනි 11වනදා දක්වා පූජා භූමි ආශ්‍රිතව ඇති ප්‍රධාන වැව්, ජලාශ හා මුහුදු තීරයන් ආසන්නයේ පොලිස් ජීවිතාරක්‍ෂක නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල දියත් කෙරේ. බැතිමතුන්ට සිදුවන දිය අනතුරු අවම කිරීම වෙනුවෙන් මෙය ක්‍රියාවට නාවනු ලැබේ.
විශේෂයෙන්ම අනුරාධපුරය, පොළොන්නරුව, දඹුල්ල, තංගල්ල ප්‍රදේශයන් හි පිහිටා ඇති පූජා භූමි ආශ්‍රිතව ඇති ප්‍රධාන වැව්, ජලාශ හා මුහුදු තීරයන්හි මෙම ආරක්‍ෂිත වැඩපිළිවෙල දියත් කරනු ලැබේ.
පොලිස් ජීවිතාරක්‍ෂක ප්‍රාදේශීය පුහුණු උපදේශකයින් විසින් පුහුණු කරන ලද ස්වේච්ඡා ජීවිතාරක්‍ෂකයින්ව මෙලෙස ප්‍රධාන ජල මූලාශ්‍ර සදහා රාජකාරියේ යොදවා ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.