රුධිර පරීක්ෂණ ගාස්තු අද සිට පහලට

(කොළඹ, ලංකාපුවත්) – පෞද්ගලික රෝහල්වල සහ රසායනාගාරවල සිදු කෙරෙන රුධිර පරීක්ෂණ මෙන්ම ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා අය කරන ගාස්තු අද (19) සිට අඩු කිරීමට තීරණය කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේය.

ඩෙංගු රෝග ව්‍යප්තියේ ඉහළ යාම සලකා මෙම තීරණය ගෙන ඇත.

පවතින තත්ත්වයත් සමග සිදු කරන රුධිර පරීක්ෂණ ප්‍රමාණය ද ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා කියා සිටියේ මෙම තීරණයත් සමග රෝගීන්ට වඩා පහසුවක් හිමිවනු ඇති බවය.

ඒ අනුව ඩෙංගු රෝගය සඳහා කෙරෙන පූර්ණ රුධිර පරික්ෂාව රුපියල් 250ක උපරිමයකට සීමාවක් පැනවීමට රජය තීරණය කර ඇත. එසේම ඩෙංගු ප්‍රතිදේහ පරික්ෂාව රුපියල් 1000කට සීමාකර තිබේ.

මේ පිළිබඳ පෞද්ගලික රෝහල් සහ රසායනාගාර දැනුවත් කර ඇත.

මෙම මිළ සංශෝධනය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *