(කොළඹ, ලංකාපුවත්) – පෘතුගාලයේ පැතිර යන ලැව්ගිනි මේ වන විට තරමක් දුරට පාලනය කර ඇති බවයි වාර්තා වේ.
ලැව් ගිනි හේතුවෙන් ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 දක්වා ඉහළගොස් තිබේ.
එසේම පැතිරි ගිය ලැව් ගිනි හේතුවෙන් මියගිය පිරිස 64කි. ගිනි නිවීම සඳහා දහසකට අධික ගිනි නිවන භටයින් අනුයුක්ත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
ලැව්ගිනිවලින් විශාල පිරිසක් මියයෑමෙන් අනතුරුව පෘතුගාල රජය දින තුනක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත්කර ඇත.