(කොළඹ, ලංකාපුවත්) – කටාර් රාජ්‍යයට සෙසු රටවල් පනවා ඇති කොන්දේසි පිළිනොගන්නා බව කටාර් විදේශ අමාත්‍ය ෂේක් මොහොමඩ් අල්තානි අවධාරණය කරයි.
සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් වලින් කටාර් රාජ්‍යයට පනවා ඇති කොන්දේසි 13ට තමන් එකග නොවන බව කටාර් විදේශ අමාත්‍යවරයා පවසා ඇත.
ලෝකයේ සම්පූර්ණ බලය රදා පවතින්නේ එම රාජ්‍යයන් තුළ නොවන බැවින් ඒවා ප්‍රතික්‍ෂේප කිරීමට තම රට බිය නැති බවද ඔහු අවධාරණය කර තිබේ.
කොන්දේසිවලට එකඟ වනවා වෙනුවට තම රට එම රටවල් සමග සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව ඔහු පවසා ඇත. එම කොන්දේසි දහතුන පිළිගැනීම මගින් තම රටේ ස්වෛරී බවට හානියක් වන බව කටාර් විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.