(කොළඹ, ලංකාපුවත්) – පීලිපැනීම හේතුවෙන් ඇනහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු අද (20) සිට යළි ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
පසුගිය සතියේ දී කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්රි තැපැල් දුම්රියේ මැදිරි හතරක් පීලිපැනීම හේතුවෙන් කොටගල අඩි හැටේ පාලමට දැඩි ලෙස හානි සිදුවිය. ඒ හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු තාවකාලිකව නවතා දැමීමට පියවර ගනු ලැබීය.
කෙසේ වෙතත් අද වන විට අදාළ පාලම හා දුම්රිය මාර්ගය යළි පිළිසකර කොට දුම්රිය ගමනාගමනය සදහා විවෘත කර තිබේ.
ඒ අනුව බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය කොළඹ දක්වා අද ධාවනය කෙරේ.
අදාළ පාලම මතින් දුම්රිය ගමන්කරන විටදී දුම්රිය වේග සීමා පනවා ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.