(කොළඹ, ලංකාපුවත්) –මෙරට ධීවර කර්මාන්තයේ අනාගත ඉලක්ක ජයගතහැකි ලෙස බහුකාර්ය ධීවර වරායන් සැලසුම් කර ඉදිකලයුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
අමාත්‍යරවයා කියා සිටියේ රටේ අවශ්‍යතාව පසෙකට දමා රට වටා වරායන් ඉදිකිරීමෙන් රටට , ජනතාවට හෝ ධීවර කර්මාන්තයට ලැබෙන දෙයක් නොමැති බවය .
යෝජිත බහුකාර්ය ධීවර වරායන් 04 ට අදාළ මුලික ශක්‍යතා අධ්‍යනයේ නිරත කොරීයානු ධීවර අමාත්‍යාංශයේ නියෝජිත කණ්ඩායම හමුවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය .
අදාළ ශක්‍යතා අධ්‍යනයේ ප්‍රගතිය පිලිබදව දැනුම් දීම සදහා එම කොරීයානු නියෝජිත කණ්ඩායම පසුගියදා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයෙදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හමු වුහ .
චලෙයි ,මාදගල් .ඩෙල්ෆ් , උඩප්පුව යන ප්‍රදේශවල මෙම බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරීමට සැලසුම් කරමින් සිටිති . ඒ සදහා තාක්ෂණය සමග මුලික පාරිසරික ශක්‍යතා අධ්‍යනය කොරියාව විසින් සිදුකරදීමට එකගත්වය පල කලේ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කොරියාවේ සිදුකල සංචාරයේ ප්‍රථිපලයක් ලෙසය .
මෙම බහුකාර්ය ධීවර වරායන් සංචාරක , ධීවර හා වාණිජ ඉලක්ක එකවර ජයගැනීම අරමුණු කර ඉදිකිරීමට සැලසුම් කර ඇත .
මේ සදහා මුලික ශක්‍යතා අධ්‍යනය නොමිලයේ සිදුකර දීමට කොරියාවේ ධීවර අමාත්‍යංශය, දිලිප් වෙදආරච්චි මහතාට ලබාදුන් පොරොන්දුව මත ඒ පිළිබද මුලික ශක්‍යතා අධ්‍යනය සිදු කෙරේ .
මෙම බහු කාර්ය ධීවර වරායන් ඉදිකිරීමේ වැඩපිළිවෙල පිලිබදව සංචාරක සංවර්ධන කාර්යාංශය පවා ඉතා පැහැදීමට ලක්වෙලා සිටින බවත් ඉතා සමීපව කටයුතු කරමින් රටේ අවශ්‍යතාව අනුව අත්වැල් බැදගැනිමට පවා ඔවුන් ඉදිරිපත්වීම ඉතා සතුටට කරුණක් බවද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙහිදී තවදුරටත් පැවසීය.