(කොළඹ, ලංකාපුවත්) – තවත් ප්‍රබල සුළිකුණාටුවකින් අමෙරිකාවට බලපෑම් එල්ල වී තිබේ.
‘මාරියා’ නමින් හැදින්වෙන මෙම සුළිකුණාටුව ඉදිරි පැය 48 ක කාලය තුළ කැරබියන් දුපත් හරහා හමායනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
පැයට කිලෝමීටර් 120 ක සුළං තත්වයක්ද ඇතිවිය හැකි බව අමෙරිකානු කාලගුණ විද්‍යා ආයතනය වැඩිදුරටත් සදහන් කර තිබේ.
මෙම සුළි කුණාටුව අර්මා සුළිකුණාටුව තරම් ප්‍රබල වනු ඇති බවටද කාලගුණ බලධාරීන් මත පළ කර ඇත.
මේවන විටත් කැරබියන් දූපත් රාජ්‍යවලට සහ අමෙරිකාවේ ප්‍රදේශ කිහිපයකට අනතුරු ඇගවීම් නිකුත් කර අවසන් ය.
මීට පෙර අමෙරිකාවට බලපෑ අර්මා සුළිකුණාටුව හේතුවෙන් පුද්ගලයින් 37 දෙනෙකුට ජීවිත අහිමිවිය. විනාශ වූ දේපළවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන ගණනකට අධිකය.