සෞදි කාන්තාවන්ට ඉතිහාසයේ පළමු වරට හිමි වූ අවස්ථාව

(කොළඹ, ලංකාපුවත්) – සෞදියේ කාන්තාවන්ට රිය පැදවීම සඳහා ඉතිහාසයේ පළමු වරට අවස්ථාව හිමි වී තිබේ.

ඒ, කාන්තාවන්ට රියදුරු බලපත‍්‍ර නිකුත් කරන මෙන් සෞදි රජු නියෝග කිරීමත් සමගය.

කාන්තාවන්ට මෙතෙක් රිය පැදවීම තහනම් වී තිබූ ලොව එකම රට වූයේ සෞදි අරාබිය වීම ද විශේෂත්වයකි.

පවතින නීතිය නොතකා රිය පැදවූ කාන්තාවන්ට සිර දඬුවම් පවා හිමි විය.

කාන්තාවන්ට රිය පැදවීමට අවසර ලබාදෙන මෙන් මානව හිමිකම් ඇතුළු සංවිධාන රැසක් ඉකුත් සමයේ දිගින් දිගටම ඉල්ලීම් සිදු කළේය.

නව තීරණයත් සමග කාන්තාවන්ට රියදුරු බලපත‍්‍ර ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි දින 30 ඇතුළත විශේෂ කමිටුවක් ද පත් කරනු ඇත.

සෞදි කාන්තාවන්ට රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීම ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජූනි මාසයේ සිට බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *