(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු ජනතාවගේ හදවත් දිනාගත් රොක් ගායන ශිල්පියෙකු හා සංගීතඥයෙකු වූ ටොම් පෙටී මියගොස් තිබේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 66කි.
කැලිෆෝනියාවේ මැලිබූ නගරයේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදී ඔහුට හෘදයා බාධයක් හටගෙන ඇත. සිහිසුන්ව සිටින අවස්ථාවේ දී ඔහුව රෝහල වෙත ගෙන ගියත් බේරාගත නොහැකි වූ බව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පවුලේ ඥාතීන් සදහන් කර තිබේ.
1950 වසරේ ඔක්තෝම්බර් මාසයේ 20 වැනි දා ෆෝලෝරීඩාහි ගෙයින්ස්විල්හිදී ටොම් පෙටී උපත ලැබීය. අසූව දශකයේ ලොවපුරා ජනප්‍රිය වූ ගීත අතරින් ඇමෙරිකන් ගර්ල්, බ්රේක් ඩවුන්, ෆ්‍රී ෆැලන්, ලර්නින් ටූ ෆ්ලයි ඇන්ඩ් රෙෆියුජි යන ගීත ඔහුගේ ගීත අතරින් රසික හදවත් තුළ ලැඟුම් ගත් ජනප්‍රිය ගීත විය.
1991 වසරේ දී එළි දැක්වූ ෆුල් මූන් ෆීවර් සහ වයිල්ඩ් ෆ්ලවර් යන ගීත ඇල්බම ලොව පුරා ජනප්‍රියත්වයට පත් වුණි.