රටට සේවය කිරීමේ ඇත්ත උවමනාවක් නැත්නම් ප‍්‍රාදේශිය සභාවට ඉදිරිපත් වීමෙන් වලකින්න

(කොළඹ, ලංකාපුවත්) – ජනතාවට හා රටට සේවය කිරීමේ ඇත්ත උවමනාව නොමැතිනම් ප‍්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වීමෙන් වැලකීම නුවණට හුරු බව වාරිමාර්ග හා ජල සම්පත් කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ආණමඩුව ආසනය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්‍ෂයෙන් පලාත් පාලන මැතිවරනයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින නියෝජිතයින් දැනුම්වත් කිරීම වෙනුවෙන් ඊයේ(15) ආණමඩුව එක්සත් ජාතික පක්‍ෂ කාර්යාලයේ පැවැති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය. ආණමඩුව ආසනයෙන් ඉදිරිපත් වීමට නියමිත එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

මෙහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ කොමිස් කුට්ටි පසුපස දුවමින් දේශපාලනය කළ යුගය නිමාවට පත්වෙමින් තිබෙන බවයි. එබැවින් ඉදිරියේදී ජනතා සේවයටම කැපවීම ප‍්‍රාදේශිය සභා නියෝජිතයින්ට පැවරෙන වගකීම බවද ඔහු පැවසීය. ගම සංවර්ධනය කිරීමේ නියමුවා බවට පත්වෙමින් නායකත්වයෙන් ප‍්‍රබලයෙකු වීමට ඉදිරියේදී පුංචි මන්ති‍්‍රවරයාටත් අවස්ථාව උදාවන බවයි අමාත්‍යවරයා කියා සිටියේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා,

“ඉදිරි වසර තුනක කාලයේදී සැලසුම් සහගත වැඩපිළීවෙලක් කි‍්‍රයාත්මක කිරීම රජයේ අරමුණයි. ණය බරින් නිදහස් වීම, රැුකියා උත්පාදනය, ජීවන බර අවම කිරීම මෙන්ම රටට දේශපාලන විසදුමක් ලබා දීමත් ඒ අතරට ඇතුළත්. ඉදිරි වසර කිහිපය තුළ මහා පරිමාණ ණය බරින් නිදහස් වෙන්න අපට පුළුවන්. රැුකියා උත්පාදන කි‍්‍රයාවලියකට රජය දැනටමත් අත ගසා තිබෙනවා. වැටිච්චි රටක් නැගිට්ටුවන්නත් අවදි කරන්නත් සිද්ද වෙලා තිබෙනවා. මේ ගමන බොහොම සංකීරණයි. එම ගමනට බිම් මට්ටමේ නායකත්වය ගොඩ නැගීමයි ප‍්‍රාදේශිය සභාවෙන් කරන්නේ. එබැවින් සැබෑ වගකීම, ජනතාවගේ අවශ්‍යතා, දේශපාලනයේ හැසිරීම්, දැනුම මේ සියල්ල සමග ප‍්‍රාදේශීය සභා නියෝජිතයින් පෙරට පැමිණිය යුතුයි. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *